පෙර පාසල් ත්‍රිත්වයේ අවුරුදු උත්සවය

පොලිස් පවුල් සුබසාධක සංගමය මගින් පවත්වාගෙන යනු ලබන ක්ෂේත්‍ර බලකා මූලස්ථානය, කිව් පාර සහ මරදාන යන පෙර පාසල් ත්‍රිත්වයේ අධ්‍යාපනය ලබන පොලිස් නිලධරයන්ගේ දරු දැරියන් උදෙසා එම සංගමයේ සභාපතිනිය වන නීතිඥ අනුරාධා විජේවර්ධන මැතිණියගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කල ළමා අවුරුදු උත්සවයක් 2024.04.04 වන දින උදෑසන කොළඹ 05 පොලිස් පවුල් සුබසාධක සංගම් ශාලාවේදී පැවැත්වීය.

නොබෝ දිනකින් එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට සමගාමීව අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර පෙර පාසල් දරුවන්ට හුරු කරවමින්, සංස්කෘතිකාංග, අවුරුදු ක්‍රීඩා සඳහා සහභාගී කරවමින් අලුත් අවුරුදු උත්සවයක අසිරිය සැබෑ ලෙසම අත්විදීමට සලසා සංවිධානය කල මෙම ළමා අවුරුදු උත්සවය පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ සහ පොලිස් සංස්කෘතික කොට්ඨාසයේ දායකත්වයෙන් වඩාත් ආකර්ශනීය අන්දමින් පැවැත්වුණු අතර උත්සවය අවසානයේ දරු දැරියන්ට ත්‍යාග ප්‍රධානයන්ද සිදුකෙරුණි.

මෙම අවස්ථාව සඳහා පොලිස් පවුල් සුබසාධක සංගමයේ සභාපතිනී නීතිඥ අනුරාධා විජේවර්ධන මැතිණිය, විශේෂ කාර්යය බලකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා ඇතුළු පෙර පාසල් දරු දැරියන්ගේ දෙමව්පියන්, එම සංගමයේ ලේකම් පිලෝ විජේසූරිය මැතිණිය සහ නිලධරයන් සහභාගී විය.