තොරතුරක් වෙතොත් දැනුම් දෙන්න

2024.03.01 වන දින පැය 0700 ත් පැය 1300ත් අතර කාලය තුලදී යක්කල පාර කැකිරාව ප්‍රදේශයේ නිවසක් බිඳ රුපියල් 50,000ක මුදලක් සහ රුපියල් 4,160,000 ක් වටිනා රන් ආභරණ සොරාගැනීම සම්බන්ධයෙන් පහත ඡායාරූපයේ දිස්වන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන සිදුකරමින් පවතී

එදින හිස්වැස්මක් පැළඳ, ක්‍රීම් පැහැති දිග කළිසමක් සහ කොළ පැහැයට හුරු කමිසයක් ඇඳ සිටි ඇති සැකකරු සී.සී.ටී.වී වීඩියෝ දර්ශන තුල දැක්වෙන ආකාරයට පාදයේ යම්කිසි අබාධයකින්ද පෙළෙන බව පෙන්නුම් කරයි.

ඔබ, මොහු සම්බන්ධව යම් තොරතුරක් දන්නේ නම් පහත දුරකථන අංක අමතා දැනුම් දෙන්න

ස්ථානාධිපති කැකිරාව – 0718591208
ස්ථානාධිපති අපරාධ විමර්ශණ අංශය – 0718593343