පොලිස්පතිතුමන් සහ ගුවන් හමුදාධිපතිතුමන් අතර හමුවක්

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා 2024.04.08 වන දින උදෑසන ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාෂල් උදේනි රාජපක්ෂ මහතා හමුවිය.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ගුවන් හමුදා මූලස්ථානය වෙත ගුවන් හමුදාධීපතිතුමන් විසින් උණුසුම් අයුරින් පිළිගැණුනි.

අනතුරුව පොලිස්පතිතුමන් සහ ගුවන් හමුදාධිපතිතුමන් අතර පැවති සුහද පිළිසඳරේදී ශ්‍රී ලංකා පොලිසියේ 36 වන පොලිස්පතිවරයා ලෙස පත්වීම සම්බන්ධයෙන් ගුවන් හමුදාපතිතුමන් විසින් පොලිස්පතිතුමන් වෙත සිය සුභාශිංසන පිරිනමන ලද අතර මෙම හමුව සිහිගන්වමින් දෙදෙනා අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු විය.