සිංහල හා හින්දු අළුත් අවුරුදු සමයේ විශේෂ ආරක්ෂක සැළැස්මක්

2024 සිංහල හා හින්දු අළුත් අවුරුද්ද උදාවත් සමඟ මහජනතාව වැඩි වශයෙන් ඒකරාශී වන අළුත් අවුරුදු උත්සව, සංගීත සංදර්ශන, සැණකෙළි හා වෙනත් උත්සව වලදී මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් සියළුම පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබාදී ඇත.

ඒ අනුව දිවයින පුරා අළුත් අවුරුදු උත්සව, සංගීත සංදර්ශන, සැණකෙළි හා වෙනත් උත්සව 4500 කට ආසන්න ප්‍රමාණයක් සංවිධානය කර ඇති අතර එම උත්සව සඳහා සහභාගී වන මහජනතාවගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 14000 කට ආසන්න ප්‍රමාණයක්, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් 500 කට ආසන්න ප්‍රමාණයක් සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් 400 කට ආසන්න ප්‍රමාණයක් යෙදවීමට අපේක්ෂා කර ඇත.

තවද සිවිල් ආරක්ෂක කමිටු සාමාජිකයින් 15806 ක් මෙම උත්සව සංවිධාන කටයුතු හා සම්බන්ධිකරණය කටයුතු සඳහා යෙදවීමට නියමිතව ඇත.