ජාතික රුක් රෝපන නැකතට පොලිස්පතිතුමා අත්තිඩියට

2024.04.18 වන දින පෙරවරු 10.16 ට යෙදුනු ජාතික රුක් රෝපන නැකත් වේලාවේදී “නැකතට පැළයක් රටට හුස්ම දෙන නැකත” ජාතික වැඩසටහනට සමගාමීව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ඵල දරන බහුවාර්ෂික ශාකයක් අත්තිඩිය පොලිස් උසස් අධ්‍යාපන ආයතන පරිශ්‍රයේ රෝපනය කරන ලදී.

ශ්‍රී ලංකා පොලිසියේ දෛනික පරිසර ආරක්ෂණ වැඩපිළිවෙලට අමතරව ශාක පැළයක් රෝපනය කිරීමේ ජාතික නැකතට සමගාමීව පොලිස්පතිතුමාගේ උපදෙස් පිරිදි දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන පරිශ්‍රයන්හි ශාක රෝපනය කිරීම එම පොලිස් ස්ථාන භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධරයන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.