පාරිසරික වැරදි දැනුම් දෙන්න.
1997 / 1981

විවිධ ලාභ ප්‍රයෝජන ලබාගැනීම සඳහා මෙන්ම විනෝදය උදෙසා පරිසරය විනාශ වන ආකාරයේ ක්‍රියාකාරකම් සිදුකරන පුද්ගලයින්, පුද්ගල කණ්ඩායම් හෝ ස්ථාන පිළිබඳව ඔබ දන්නේ නම් පොලිස් විශේෂ කාර්යාංශයේ 1997 කෙටි දුරකථන අංකය හෝ මධ්‍යම පරිසර අධිකාරිය මගින් පවත්වාගෙන යන 1981 කෙටි දුරකථන අංකය අමතා හැකි විගස ඒ පිළිබඳ තොරතුරු ලබාදීම ඔබේ සමාජ යුතුකමකි.

ප්‍රජා ඝෝෂා, පොලිතින් ඇතුළු අකාබනික සහ කාබනික කැලි කසල අක්‍රමවත් ලෙස බැහැර කිරීම මෙන්ම පිලිස්සීම, නීති විරෝධී ලෙස පරිසර පද්ධති විනාශ කරමින් සිදුවන ඛණිජ සම්පත් කැණීම් කටයුතු, ජල මූලාශ්‍ර අපවිත්‍ර කිරීම වැනි මහජනයා පීඩාවට පත්කරන, සෘජුව හෝ වක්‍රාකාරයෙන් අයහපත් ප්‍රතිවිපාක ගෙන දෙන සියළු පරිසර විනාශයන් පිළිබඳව දැනුම් දීම සඳහා ඉහත කෙටි දුරකථන අංක භාවිතා කල හැකි වේ.