ධාවකයින් දෙදෙනා පොලිස් අත්අඩංගුවට

දියතලාව යුධ හමුදා විද්‍යාපීඨය මගින් සංවිධානය කල 2024 ෆොක්ස්හිල් සුපර්ක්‍රොස් තරඟාවලිය 2024.04.21 වන ඊයේ දින උදෑසන සිට දියතලාව නරියාකන්ද පරිශ්‍රයේ පැවැත්වුනු අතර පැය 1430 ත් 1500 ත් කාලය අතරතුර පැවැත්වූ මෝටර් රථ ධාවන තරඟයේදී අංක 196 දරණ කාර් රථය සහ අංක 05 දරණ කාර් රථය ධාවන පථයෙන් ඉවතට ධාවනය වී නරඹන්නන්ගේද ගැටීමෙන් මාරක අනතුරක් සිදුවිය.

එම අනතුරින් වයස අවුරුදු 08ක දැරියක් සහ පුද්ගලයින් 06 දෙනෙකු මරණයට පත්වූ අතර 20 දෙනෙකු පමණ තුවාල ලබා ප්‍රතිකාර සඳහා දියතලාව සහ බදුල්ල රෝහල් වෙත ඇතුලත් කරන ලදී.
මරණකරුවන් දෙදෙනෙකු මාතර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර වසය අවුරුදු 08ක දැරිය වැලිමඩ ප්‍රදේශයේ පදිංචිකාරියකි. අනෙක් මරණකරුවන් අවිස්සාවේල්ල, අකුරැස්ස,වැලිමඩ,සීදූව ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. මෘතශරීර දියතලාව රෝහලේ තැන්පත් කර ඇත.

මේ වන විට (2024.04.22 පැය 1100) අදාල කාර් රථ දෙක ධාවනය කල ධාවකයින් දෙදෙනා දියතලාව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

දියතලාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.