පොලිස් ජීප් රථය දෙසට වෙඩි තැබූ සැකකරුවන් ප්‍රතිප්‍රහාර හමුවේ මරුට

2024.04.23 වන අද දින අළුයම මීගොඩ පොලිස් වසමේ බෙරුකැටිය හංදිය අසල මාර්ග බාධක රාජකාරි යෙදී සිටි පොලිස් නිලධාරීන් විසින් දාම්පේ දෙස සිට පැමිණි ත්‍රිරෝද රථයක් නැවැත්වීම සඳහා සංඥා කර ඇති අතර එම ත්‍රිරෝද රථයේ සිටි පුද්ගලයින් පොලිස් අණ නොතකා පොලිස් නිලධාරීන් දෙසට වෙඩි තැබීමක්ද සිදු කර මොරගහහේන දෙසට රථය ධාවනය කර පලා ගොස් ඇත.

එම අවස්ථාවේදීම ත්‍රී රෝද රථය පිළිබඳව අවට පොලිස් ස්ථාන දැනුවත් කිරීමට නිලධාරීන් කටයතු කර ඇති අතර ඒ අනුව මොරගහහේන පොලිස් වසමේ මෙහෙයුම් රාජකාරි යෙදී සිටි බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් නොනවත්වා පලායන ත්‍රීරෝද රථය පසුපස ජීප්රථයෙන් ලුහුබැද ගොස් තිබේ.

ලුහුබැදීම අතරතුර ත්‍රීරෝද රථය මාර්ගයෙන් ඉවත පැන නතරවී ඇති අතර ත්‍රීරෝද රථයේ සිටි පුද්ගලයෙකු විසින් එම අවස්ථාවේදී ජිප් රථය දෙසට වෙඩි තැබීමක් සිදුකර ඇත.

එහිදී නිලධාරීන්ද ආත්මආරක්ෂාව සඳහා වෙඩි තැබීම් සිදුකර ඇති අතර එයින් ත්‍රීරෝද රථයේ සිටි සැකකරුවන් දෙදෙනෙකුට වෙඩි වැදී තුවල ලබා ඇත. නිලධාරීන් විසින් තුවාලකරුවන් හොරණ රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබේ.

මෙම වෙඩි වැදීමෙන් මියගිය ගොස් ඇති එක් සැකකරුවෙකු අවුරුදු 36 ක් වූ මත්තේගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සූරියආරච්චිලාගේ ඉමේෂ් ධනුෂක දර්ශන යන අය වන අතර, මොහු යුධ හමුදාවෙන් පලාගිය සෙබලෙකු බව අනාවරණය තිබේ. මොහු සම්බන්ධයෙන් ශ්‍රි ලංකා පොලිසිය සතු පෙර වැරදි වාර්තා පරික්ෂාකිරීමේදී 2010 සිට 2023 දක්වා කහතුඩුව සහ මත්තේගොඩ පොලිස් වසම් වල අවස්ථා කිහිපයකදි ගෙවල් බිද දේපල සොරකම් කිරීම්, ඉඩම් වලට අයතු ලෙස අතුළු වී දේපල සොරකම් කර ඇති බවටත් එම වැරදි වලට අදාලව අධිකරණ වල නඩු පවරා ඇති බවටත් වාර්තා වී ඇත. මොහු දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙකු බවට ලේඛනගතවී සිටින පුද්ගලයෙකි. මොහු හෙරොයින්, ගංජා ලග තබා ගැනීම හා ජාවාරම් කිරීම පිළිබඳ මිරිහාන, මත්තෙගොඩ හා මොරගහේන යන පොලිස් වසම් වලදී අත්අඩංගුවට පත්වූ අයෙකි.

මියගොස් සිටින දෙවන සැකකරු වයස අවුරුදු 42 ක් වූ තණමල්විල ප්‍රදේශයේ ස්ථීර පදිංචිකරුවෙකු බවට අනාවරණය වී ඇති අතර, ඔහු  බණ්ඩාරනායකපුර, මත්තේගොඩ ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටින සුරාජ් ප්‍රබෝධ ආධිහෙට්ටි යන අය වේ. මොහු සම්බන්ධයෙන් ශ්‍රි ලංකා පොලිසිය සතු පෙර වැරදි වාර්තා පරික්ෂාකිරීමේදී අයිස් හා ගංජා ලග තබා ගැනීම පිළිබඳව පිළියන්දල, තලංගම හා තණමල්විල යන පොලිස් වසම් වලදී 2017 වර්ෂයේ සිට අත්අඩංගුවට පත්වී ඇති අයෙකු වන අතර, 2023 අගෝස්තු 04 වන දින කඳාන පොලිස් වසමේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකට වෙඩි තැබීම සඳහා පැමිණි යතුරුපැදියේ පැදිකරු ලෙස කටයුතු කර ඇති ඇත.

මොහු ඒ සම්බන්ධයෙන් 2024 පෙබරවාරි මස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකර සිට 2024 මාර්තු 18 වන දින ඇපමත මුදාහැර සිටින අයෙකු වේ. 2002.12.26 වන දින ගිනි අවියක් සමඟ කහතුඩුව පොලිසිය මගින්ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වරදකරු වී ඇත.

සැකකරුවන් විසින් වෙඩි තැබීම සඳහා භාවිතා කල පිස්තෝල අවියද ත්‍රීරෝද රථය අසල වැටී තිබීයදී පොලිසිය විසින් සොයා ගෙන ඇත.

මොරගහහේන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.