අයිස් මත්ද්‍රව්‍ය කිලෝවක් සමඟ වයස අවුරුදු 25ක තරුණයෙක් මීගමුවේදී අත්අඩංගුවට

බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සහ මීගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් 2024.04.22 වන දින දහවල් කාලයේ මීගමුව බොලවලාන හංදිය අසල වැටලීමක් සිදුකර අයිස් කිලෝග්‍රෑම් 01 යි ග්‍රෑම් 03 ක් සමඟ වයස අවුරුදු 25ක් වන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටියකට අධිකයි.

සැකකරු කිඹුලාපිටිය, මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි