පාසල් ළමුන් රකින පවුර “පවුර සංසඳ” කමිටු 5022 ක් දිවයින පුරා පිහිටුවා අවසන්

පාසල් දරුවන් පාසල අවට පරිසරයෙන් මත්ද්‍රව්‍ය උවදුරට ගොදුරුවීම වැලැක්වීම සඳහා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංකල්පයක් මත වගකිවයුතු සියළු පාර්ශව නියෝජනය වන පරිදි “පවුර සංසඳය” නමින් කමිටු ස්ථාපිත කිරීම ආරම්භ කෙරුනු අතර ඒ අනුව මේ වන විට එක් එක් පාසලට අදාල පොලිස් ස්ථාන මගින් කමිටු 5022 ක් දිවයින පුරා පිහිටුවා අවසන් කර ඇත.

එම කමිටු සාමාජිකයින් වෙතින් අපේක්ෂිත කාර්යභාරය පිළිබඳව දැනුවත් කිරීමේ පළමු අදියර ලෙස බස්නාහිර පළාතේ පිහිටුවා ඇති කමිටු දැනුවත් කිරීමේ නියමු ව්‍යාපෘති වැඩසටහනක් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් 2024.04.25 වන දින පස්වරුවේ කොළඹ ආනන්ද විද්‍යාලයේ කුලරත්න සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරී මහත්වරුන් ඇතුළු නිලධාරීන් සහ කොළඹ ආනන්ද, නාලන්දා, රාජකීය, සහිරා හා අශෝක යන විද්‍යාලවල විදුහල්පතිවරුන් සහභාගි වූහ.