පොලිස් නිලධාරින්ගේ විනය පරීක්ෂණ ප්‍රමාදවීම සම්බන්ධයෙන් විසදුම් සහ නිර්දේශ ඇතුළත් කමිටු වාර්තාව පොලිස්පතිතුමා වෙතට

පොලිස් නිලධාරීන්ට එරෙහි විනය කාර්ය පටිපාටියට අදාළ පරීක්ෂණ සඳහා දීර්ඝ කාලයක් ගතවීම නිසා නිලධාරීන්ගේ වැටුප් වර්ධක, දීමනා, සහ උසස් වීම් ප්‍රමාදවීම වැනි පරිපාලන ගැටළු සම්බන්ධයෙන් සොයා බලා ඊට අදාළ විසඳුම් යෝජනා කිරීම සඳහා නැගෙනහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතාගේ ප්‍රධානත්වයෙන් නීතිඥ රුවන් ගුණසේකර මහතා, නියෝජ්‍ය පොලිස්පති, විනය හා කල්ක්‍රියා හා නීති දිසාව. නීතිඥ ජාලිය සේනාරත්න මහතා, නියෝජ්‍ය පොලිස්පති, ජාතික පොලිස් අභ්‍යාස ආයතනය.ඩබ්.පී.ජේ. සේනාධීර මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, අධ්‍යක්ෂ, නව සම්පත් කලමණකරන කොට්ඨාසය සහ නිශාන්ත ද සිල්වා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, අධ්‍යක්ෂ, විනය හා කල්ක්‍රියා කොට්ඨාසය. යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් පත් කරන ලදි.

එම කමිටුව විසින් යෝජනා කරන ලද විනය පටිපාටිය කඩිනම් කිරීම සහ පරිපාලන ගැටළු වලට විසදුම් සහ නිර්දේශ ඉදිරිපත් කරමින් සකස් කරන ලද කමිටු වාර්තාව ඊයේ (26) වන දින කමිටු සභාපති, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා විසින් පොලිස් මූලස්ථානයේදී පොලිස්පතිතුමාට පිළිගන්වන ලදී.

මෙම අවස්ථාව සඳහා කමිටු සාමාජිකයින් සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) නිලන්ත ජයවර්ධන මහතාද සහභාගී වූ අතර මෙම නිර්දේශයන් ඉතා කඩිනමින් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.