මැයි දින විශේෂ රාජකාරි – පොලිස් නිලධරයන් සූදානම්

කොළඹ නගරය කේන්ද්‍රකරගනිමින් අද දින (2024.05.01) පස්වරුවේ දිවයින පුරා පැවැත්වෙන මැයි දින පෙළපාලි සහ සැමරුම් උත්සව, රැස්වීම් සඳහා ජනතාව එක් රොක් වීම ආරම්භ වී ඇත. විශේෂ රාජකාරි ලෙස පොලිස් නිලධරයන් විශාල සංඛ්‍යාවක් ඔබගේ ආරක්ෂාව සහ ගමන් පහසුව උදෙසා රාජකාරි ස්ථාන සඳහා ස්ථානගත වෙමින් සිටී.

වැඩකරන ඔබ අභිමානවත්ව සමරනු ලබන මැයි දිනය නීතිගරුකව සාමකාමීව නිමා කිරීම සඳහා මෙවරද ශ්‍රී ලංකා පොලිසියට අවශ්‍ය සහයෝගය ලබා දෙන මෙන් ඉල්ලා සිටින්නෙමු.