වෑන් රථයක් සොයා විමර්ශන
තොරතුරක් වෙතොත් දැනුම් දෙන්න

කුලියාපිටිය පොලිස් වසමේ වෙරළුගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 31 ක පුද්ගලයෙකු 2024.04.22 වන දින පැහැරගෙන යාම සඳහා මෙන්ම ප්‍රදේශයෙන් පලා යාම සඳහා පහත ඡායාරූපයේ දැක්වෙන කුලීරථ ආයතනයකින් ලබා ගත් බවට අනාවරණය වී ඇති අංක NW PK – 0125 දරණ සුසුකි එව්රි වර්ගයේ සිල්වර් පැහැති වෑන් රථය භාවිතා කර තිබේ.

වෑන් රථය සහ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කුලියාපිටිය මූලස්ථාන පොලිසිය මඟින් විමර්ශන ක්‍රියාත්මක අතර වෑන් රථය සහ සැකකරුවන් පිළිබඳව යම් තොරතුරක් ඔබ දන්නේ නම් පහත සඳහන් දුරකථන අංක අමතා නොපමාව දැනුම් දීමට කටයුතු කරන්න.

දුරකථන අංක :-

  1. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි / කුලියාපිටිය – 071 – 8591260
  2. ස්ථානාධිපති / කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය – 077 – 3528325