ජ’පුරෙන් බෙදාහැරි මත්ද්‍රව්‍ය ජාලයක ප්‍රධාන ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට

යුක්තිය මෙහෙයුම යටතේ සිදුකරනු ලබන වැටලීම් අතරතුර පොලිස් විශේෂ කාර්යය බලකා බුද්ධි ඒකකයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත 2024.05.02 වන දින උදෑසන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ආසන්න ප්‍රදේශයේ වැටලීමක් සිදුකර තිබේ.

එහිදී හෙරොයින් කිලෝග්‍රෑම් 13 ග්‍රෑම් 339 ක්, හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 06 ග්‍රෑම් 395ක්, කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 539 ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගන්නා බවට සැකකෙරෙන මුදලින් රුපියල් ලක්ෂ 15 ක් සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 51 ක සැකකරුවෙකු සහ වයස අවුරුදු 45ක සැකකාරියක් මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට භාවිතාකල කාර් රථයක්ද සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

මොවුන් පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර සැකකරු ඩුබායි රාජ්‍යයේ සැඟව සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ජාවාරම්කරුවෙකුගේ ප්‍රධාන ගෝලයෙකු බවට අනාවරණය වී ඇත. වසර 02 ක පමණ කාලයක සිට මොහු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය අසන්නයේ පිහිටන කුලී පදනම මත ලබාගත් නිවසක සිට මෙම මත්ද්‍රව්‍ය ජාවාරමෙහි නිරතව තිබේ.

2024.04.24 වන දින මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට අදාලව අධ්‍යාපනය අමාත්‍යංශයේ ලිපිකරුවෙකුද ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේදී හෙරොයින් කිලෝග්‍රෑම් 01 ග්‍රම් 60ක් සහ මුදලින් ලක්ෂ 49ක් සමඟ අත්අඩංගුවට පත්වී තිබේ.