දිය වැලකට හසු වු දැරියක් සහ මවක් පොලිස් ජීවිතාරක්ෂක නිලධාරින් විසින් බේරා ගැනේ

2024.05.01 වන දින පානදුර වෙරළ තීරයේ දියනෑමට ගිය පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38ක මවක් සහ ඇයගේ වයස අවුරුදු 06 ක් වන දියණිය දිය වැලකට හසුවී මුහුදට ගසාගෙන ගොස් ඇත.

එම අවස්ථාවේ වහාම ක්‍රියාත්මක වු පොලිස් ජීවිතාරක්ෂක නිලධාරින් වන පොලිස් කොස්තාපල් 69951 පුෂ්පකුමාර හා පොලිස් කොස්තාපල් 101557 ධනුක යන නිලධාරින් විසින් එම දෙදෙනා බේරාගෙන ඇත.

පසුව එම කාන්තාවට සහ දැරියට මූලික ප්‍රථමාධාර ලබා දීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා පානදුර රෝහලට ඇතුලත් කර ඇත.