ව්‍යාජ රන් කැබලි පෙන්වා මුදල් වංචා කිරීම් සම්බන්ධව පැමිණිලි

අනුරාධපුර පොලිස් කොට්ඨාසයේ පොලිස් ස්ථාන වෙත ව්‍යාජ රන් කැ‍බලි පෙන්වා මුදල් වංචා කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි බහුලව ලැබෙමින් පවතී.

එම කොට්ඨාසයෙන් බැහැර ප්‍රදේශවල සිට නිවාස,වාහන,ඉඩම් වැනි දෑ විකිණීම සඳහා පුවත්පත් දැන්වීම්, මාධ්‍ය දැන්වීම් පළකරන පුද්ගලයින් හට දුරකථන ඇමතුම් ලබාදී සූක්ෂම අයුරින් මෙම ව්‍යාජ රන්කැබලි අලෙවි කිරීමට ජාවාරම්කරුවන් උත්සාහගන්නා බවට තොරතුරු අනාවරණය වී ඇත.

මොන යම් ආකාරයනික් හෝ ඔබවෙත රන්කැබලි අලෙවිකිරීම සඳහා උත්සහගන්නා පුද්ගලයින් පිළිබඳව වඩාත් සැලකිලිමත්වන ලෙසත් එවැනි පුද්ගලයින් පිළිබඳව ආසන්නතම පොලිස් ස්ථාන දැනුවත් කිරීමට කටයුතු කරන ලෙසත් ශ්‍රී ලංකා පොලිසිය ඉල්ලා සිටින්නෙමු.