ප්‍රජා පොලිස් කොට්ඨාසය මඟින් කාන්තා දිනය සමරයි .

ශ්‍රී ලංකා පොලිසියේ සියළුම පොලිස් කොට්ඨාස ආවරණය වන පරිදි පොලිස් ස්ථානයන්හී පරිසර ආරක්ෂණ අංශ වෙත පා පැදි 300 ක් ප්‍රදානය කිරීමේ වැඩසටහනට අනුව බස්නාහිර පළාතේ ගල්කිස්ස, මීගමුව, කැළණිය, ගම්පහ, කළුතර, නුගේගොඩ හා පානදුර යන පොලිස් කොට්ඨාසවල පාරිසරික අංශ වෙත පා පැදි ප්‍රදානය කිරීම 2022 ජනවාරි මස 06 වන දින පෙරවරුවේ පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේදී පරිසර ආරක්ෂණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සංකේතාත්මකව සිදුකරන ලදී.

මහජනතාවට අවශ්‍ය පාරිසරික ආරක්ෂාව ලබා දීම, නගර අලංකරණය කිරීම හා මහජන පීඩාවලට කඩිනමින් සහන සැලසීම ආදී කටයුතු කාර්යක්ෂමව සිදු කිරීම සඳහා පාරිසරික අංශ නිලධාරීන් හට තම පොලිස් වසම් තුල ගමන් පහසුව සැලසීමේ අරමුණින් මෙම පා පැදි බෙදා දීම සිදු කර ඇත.