ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යංශ ඒකක වලට අනුයුක්ත පොලිස් නිලධාරිණියන් දැනුවත් කිරීමේ වැඩසටහනක්.

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (UNCEF) අනුග්‍රාහය යටතේ සෑම පොලිස් කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි ළමා හා කාන්තා කාර්යංශ ඒකක වලට අනුයුක්ත පොලිස් නිලධාරිණියන් බලගැන්වීමේ ව්‍යාපෘතියේ දෙවන වැඩසටහන 2022 අගෝස්තු 30 වන දින මීගමුව GOLDI SAND හෝටලයේදී පැවැත්විණි.

මෙම වැඩසටහන සඳහා මීගමුව හා හලාවත කොට්ඨාසවල ළමා හා කාන්තා කාර්යංශ ඒකකවලට අනුයුක්ත පොලිස් නිලධාරිණියන් 60 දෙනෙකු සහභාගි වූ අතර මෙහිදී අධිකරණ වෛද්‍ය නිලධාරීන් සහ පරිවාස නිලධාරීන් සමගින් පොලිස් නිලධාරීන් කටයුතු කල යුත්තේ කෙසේද?, එම නිලධාරීන්ගේ සහාය ලබාගැනීම, ළමා හා කාන්තා අපරාධ අවම කර ගැනීම සඳහා පොලිස් නිලධාරීන්ගේ ආකල්ප වෙනස් විය යුත්තේ කෙසේද? යන කරුණු පදනම් කරගෙන මෙම වැඩසටහන දියත් කෙරිණි.

රාගම වෛද්‍ය පීඨයේ මහාචාර්ය අනුරුද්ධි එදිරිසිංහ, මීගමුව රෝහලේ විශේෂඥ  අධිකරණ වෛද්‍ය ඉලංගරත්න බංඩා, බස්නාහිර පළාත් පරිවාස කොමසාරිස් පේෂලා ජයසූරිය, (UNCEF) ආයතනෙයේ නියෝජිත වෛද්‍ය හේමාල් ජයවර්ධන, ළමා හා කාන්තා අපයෝජන නිවාරණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත චන්ද්‍රසිරි, ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යංශයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග යන මහත්ම මහත්මින්ද විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි විය.