156 වන පොලිස් දිනයට සමගාමීව දරුවන් සුරැකීම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක්.

156 වන පොලිස් දිනයට සමගාමිව ක්‍රියාත්මක වන පොලිස් සතිය තුල ප්‍රජා පොලිස් කොට්ඨාසය මඟින් සංවිධානය කරන ලද දරුවන් සුරැකීම පිළිබඳව උපදෙස් අඩංගු වැකි සඳහන් ස්ටිකර් බස් රථවල සහ පාසල් වෑන් රථවල ඇළවීමේ වැඩසටහනක් 2022 සැප්තැම්බර් 05 වන දින පිටකොටුව බැස්ටියන් මාවත පුද්ගලික බස් නැවතුම්පල අසලදී පවත්වන ලදී.

එමෙන්ම, එදිනම බොරැල්ල සියළු සාන්තුවරයන්ගේ බාලිකා විද්‍යාලයේදී ළමා අපචාර වලින් දරුවන් ආරක්ෂා කිරීම හා ආරක්ෂා වීම සම්බන්ධව දෙමාපියන්, ගුරුවරුන්, පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ද පවත්වන ලදී.

මෙම වැඩසටහන් සඳහා පරිසර ආරක්ෂණ හා ප්‍රජා පොලිස් දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති යු.පි.ඒ.ඩි.කේ.පි කරුණායක මහතා, ප්‍රජා පොලිස් පරිසර ආරක්ෂණ හා මහජන සාමය කළමණාකරණ දිසාව කාන්තා නියෝජ්‍ය පොලිස්පති බිම්ෂානි ජාසිංහආරච්චි මහත්මිය, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති දයා සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රජා පොලිස් කොට්ඨාසයේ අධ්‍යක්ෂතුමා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිළධාරීන් රැසක් ද කොළඹ දිසාවේ ප්‍රජා පොලිස් ඒකකවල සහ ප්‍රජා පොලිස් කොට්ඨාසයේ නිලධාරින්ගේ සංවිධානයෙන් මෙම වැඩසටහන් සිදු කරන ලදී.