මුළු ලොවෙහිම වසංගතයක් බවට පත්ව ඇති COVID-19 වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා දකුණු ආසියාවේ උසස්තම එන්නත් නිෂ්පාදන ආයතනයක් වන Serum Institute Of India නම් ආයතනය විසින් නිෂ්පාදනය කරන ලද COVISHIELDTM (Oxford-AstraZeneca) එන්නත, ශ්‍රී ලංකාව තුළ කොවිඩ් මර්දනයට සෘජු දායකත්වයක් දක්වන ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් වෙත ලබාදීම 31.01.2021 වන දින නාරාහේන්පිට පොලිස් රෝහලේදී ආරම්භ කරන ලදි.
සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත 2021.02.16 දින කොහුවල පොලිස් වසමේ පැපිලියාන පාරේ පිහිටි නවාතැන් පහසුකම් සපයන ස්ථානයක තිබී හෙරොයින් කිලෝ 5 යි ග්‍රෑම් 125 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 5 යි ග්‍රෑම් 25 ක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත.
2021.02.12 වන අද දින උදෑසන 11.45 ට පමණ බස්නාහිර පලාත් බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට බොරැල්ල පොලිස් වසමේ ගෝතමීපාර, කොළඹ 08 ලිපිනයේ පිහිටි කල් ඉකුත් වූ රසායනාගාර උපකරණ බෙදා හරින බවට ලද තොරතුරක් මත ජාතික ඖෂද නියාමන අධිකාරියේ නිලධාරීන් කන්ඩායමක් සමග වැටලීමක් සිදුකර ඇත.
2020 වර්ෂයේ 5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත් බස්නාහිර පළාත තුල සේවය කරන පොලිස් නිලධාරීන්ගේ දරුවන් සඳහා ත්‍යාග ප්‍රධාන උත්සවයක් 2021.02.05 වන දින සවස 03.00 ට වැලිකඩ මහින්දාරාම විහාරස්ථාන ශ්‍රවනාගාරයේදී මහජන ආරක්ෂාව පිලිබඳ අමාත්‍ය රියාද් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය ගරු සරත් වීරසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.
කළුතර ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයේ මූලික පුහුණුව ලැබූ ආධුනික සහකාර පොලිස් අධිකාරිවරුන් 14 දෙනෙකු මූලික පුහුණුව අවසන් කර විසිර යාමේ උත්සවය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ( පරිපාලන) ජගත් අබේසිරිගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2021.02.05 වන දින පස්වරු 03.00 ට කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේදී පැවැත්විය.