covid ops

ප්‍රජා පොලිස් ජංගම සේවයට සමගාමිව ගල්කිස්ස පොලීසියෙන් ප්‍රජා සත්කාර රැසක්.

ප්‍රජා පොලිස් ජංගම සේවයට සමගාමිව ගල්කිස්ස මූලස්ථාන පොලීසිය හා ප්‍රජා පොලිස් කමිටු එක්ව සංවිධානය කළ ප්‍රජා සත්කාරයක් සහ මහජනයා දැනුවත් කිරිමේ වැඩසටහනක් ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මුදිත පුස්සැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් 2019 මාර්තු 30 වන දින වටලප්පල හා බඩෝවිට ප්‍රදේශවලදී සිදුකරන ලදි.

ගල්කිස්ස වටලප්පල පුණ්‍යකාමී විද්‍යාලයේදී ප්‍රජා සත්කාරය වැඩසටහන පැවැති අතර එහිදී ගැබිණි මව්වරුන් හට වියළි ආහාර මලු බෙදාදීම, ආබාධිත තැනැත්තන් උදෙසා රෝද පුටු බෙදාදීම, වැඩිහිටියන්ට සිල් රෙදි බෙදාදීම, පාසැල් ළමුන්ට ලිපිද්‍රව්‍ය බෙදාදීම, වෛද්‍ය සායන ඇතුළු ප්‍රජා සත්කාර රැසකින් සමන්විත විය.

තවද, ප්‍රජා පොලිස් ජංගම සේවයට සමගාමිව මහජනයා දැනුවත් කිරිමේ වැඩසටහනක් එදින ගල්කිස්ස බඩෝවිට ජනනන්දනාරාම විහාරස්ථානයේදී පැවැත්විණි. මෙම ප්‍රජා සත්කාර සදහා මහරගම සිංහ සමාජය, නාලක සමූහ ව්‍යාපාරය හා එල්කාර්ඩෝ පුද්ගලික ආයතනය අනුග්‍රහය දක්වන ලදි

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

1

sports news

special events1

w01

02

01

reinstatement


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444