covid ops

කොටුව සම්බුද්ධාලෝක විහාරයේ 2018 වාර්ෂික කඨින පිංකම - බැතිබර දායකත්වය ශ්‍රී ලංකා පොලිසිය.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කොටුව සම්බුද්ධාලෝක විහාරස්ථානයේ 2018 වර්ෂයේ කඨින පිංකම භාර ගැනීමෙන් අනතුරුව ඇසල මස සිට නොකඩවා මාස 03 ක් විහාරස්ථානයේ වැඩ වාසය කල වැඩ බලන විහාරාධිපති පූජ්‍ය මේධානන්ද ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය සඳහා සිව්පසින් සංග්‍රහ කිරීමෙන් අනතුරුව 2018 නොවැම්බර් මස 02 වන දින රාත්‍රී ගිලන්පස පෙරහැරක් පවත්වා එදින රාත්‍රිය මුළුල්ලේ සර්ව රාත්‍රික පිරිත් දේශනයක් සම්බුද්ධාලෝක විහාරස්ථානයේදී පවත්වන ලදී.

එම පිරිත් දේශනය ශ්‍රවනය සඳහා පොලිස් මූලස්ථානයේ සහ කොළඹ කොට්ඨාසයේ රාජකාරි නියුතු පොලිස් නිලධාරීන් සහ විහාරස්ථානයේ දායක මහත්ම මහත්මීන් රැසක් සහභාගි විය.

අද (2018.නොවැම්බර් 03) දින පෙරවරුවේ පොලිස් මූලස්ථානයෙන් ආරම්භ වූ කඨින චීවරය රැගත් පෙරහැර කොටුව සම්බුද්ධාලෝක විහාර භූමියේදී අවසන් විය. එම පෙරහැර උඩරට සහ පහතරට සංස්කෘතික අංගයන්ගෙන් විචිත්‍රවත් වූ අතර පොලිස් සංස්කෘතික අංශයේ නිලධාරීන් ඇතුළු තවත් බොහෝ පිරිසකගේ එකතුවෙන් පෙරහැරේ කටයුතු සාර්ථකව නිම කිරීමට හැකිවිණ.

අනතුරුව උදෑසන සංඝයා වහන්සේලා 30 නමක් උදෙසා කඨින චීවර පූජා කොට හීල් දානය ද පිරිනමන ලදී. පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඇතුළු පොලිස් නිලධාරීන් රැසක් මෙම දානමය පිංකමට සහභාගී වූ අතර, මහා සංඝයා වෙනුවෙන් අටපිරිකරද පූජා කරන ලදී.
ආගමික නායකයින්, පොලිස් නිලධාරීන් ඇතුළු සිවිල් වැසියන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

View the embedded image gallery online at:
https://www.police.lk/index.php/item/209-2018#sigFreeId9a1848ea28

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444