covi 1ops roommedia

ශ්‍රී ලංකා පොලිස් පාපන්දු කණ්ඩායම වැන්ටේජ් FA CUP 2019/2020 තරඟාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය මගින් සංවිධානය කරනු ලැබූ FA CUP 2019/2020 පාපන්දු තරඟාවලියේ ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායම හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු කණ්ඩායම අතර තරඟය 2020 ජනවාරි 11 වන දින කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වණි.

මෙහිදී ගෝල 05 – 02 ක් ලෙස විශිෂ්ඨ ජයක් අත්කරගත් ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ අතර මෙම තරඟයේ වීරයාට හිමි කුසලානය පොලිස් කණ්ඩයමේ චතුර ගුණරත්න විසින් හිමි කරගන්නා ලදී.