ops room

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ් මහතා සේවයෙන් විශ්‍රාම යයි.

අපරාධ, සංවිධානාත්මන අපරාධ, පොලිස් මත්ද්‍රව්‍යනාශක  දිසාව භාරව සහ අණදෙන නිලධාරි පොලිස් විශේෂ කාර්ය බලකාය වශයෙන් රාජකාරි කර 2020 පෙබරවාරි 05 වන දින විශ්‍රාම ගිය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා වෙනුවෙන් සංවිධානය කරන ලද උපහාර පිදීමේ උත්සවය 2020 පෙබරවාරි 03 වන දා පොලිස් මූලස්ථානයේදී පැවැත්විණි.  

මහජනතාවගේ ජීවිත හා දේපළ සුරක්‍ෂිත කිරිම, නීතිය හා සාමය ආරක්‍ෂා කිරීම උදෙසා තම දායකත්වය ලබාදෙන ලද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාගේ සේවය අගයා වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් සමරු ඵලකයක් පිරිනැමීම සිදුකළ අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමන්ගේ විශ්‍රාම දිවියට සුභ පැතුම්ද එක් කරන ලදී. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් සහභාගි විය. 

1979 ජනවාරි 15 දින උප පොලිස් පරීක්‍ෂකවරයෙකු ලෙස පොලිස් සේවයට එක් වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා 1983 වසරේ ස්ථාපිත කෙරුණු පොලිස් විශේෂ කාර්ය බලකායේ පළමු කණ්ඩායමේ සාමාජිකයෙක්ද විය. තවද, නැගෙනහිර පළාතේ 1980,1990 2006,2007 සහ 2008 අතර කාලයේ තිබූ එල්.ටී.ටී.ඊ. කඳවුරු විනාශ කර එම පළාත ත්‍රස්තවාදී ග්‍රහණයෙන් මුදාගැනීමේ මෙහෙයුම් ගණනාවකට දායකත්වය ලබා දී ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර් ලතිෆ් මහතා පාතාල මර්ධනය හා මත්ද්‍රව්‍ය ජාවාරම් මැඬලීමටද සුවිශේෂි මෙහෙවරක් කළ විශිෂ්ඨ නිලධාරියෙකි.

news

1

1

sports news

special events1


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444

Information Room:
+94 11 2854931