covi 1ops roommedia

කළුතර පොලිස් විද්‍යාලයේ පුහුණුව ලැබූ ආධුනික පොලිස් නිලධරයන් 528 දෙනෙකු විසිර යයි.

රටේ නීතිය හා සාමය පවත්වා ගෙන යාමට උරදී කටයුතු කරන ශ්‍රී ලංකා පොලිසියේ නිලධරයන්ට ශක්තියක් එක් කරමින් කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පුහුණුව ලැබූ ආධුනික පොලිස් නිලධරයන් 528 දෙනෙකු මූලික පුහුණුව අවසන් කර විසිර යාමේ උත්සවය 2020 පෙබරවාරි 20 දින කළුතර පොලිස් විද්‍යාලයීය අළුවිහාර ක්‍රීඩාපිටියේදී පැවැත්විණි.

උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ගරු ආරක්ෂක ලේකම් මේජර් ජෙනරල් (විශ්‍රාමික) ජී.ඩී.එච්. කමල් ගුණරත්න (ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී) මහතා සහභාගී වූ අතර පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා සහ ආරාධිතයින් විශාල පිරිසක්ද  සහභාගි වූහ.

මෙම විසිර ගිය නිලධරයන් අතරට ආධුනික  පොලිස් කොස්තාපල් නිලධාරීන් 400 දෙනෙකු සහ ආධුනික පොලිස් කොස්තාපල් රියදුරු නිලධාරීන් 128 දෙනෙකු ඇතුලත් වේ. ඔවුන් අතර සිංහල නිලධාරීන් 464 ක් ද, දමිළ නිලධාරීන් 61 ක් ද සහ මුස්ලිම් නිලධාරීන් 03 ක් ද වශයෙන් නිලධාරීන් ඇතුලත්ව සිටී.

විසිර ගිය ආධුනික පොලිස් කොස්තාපල් නිලධාරීන් සඳහා මොඩියුල 03 ක් යටතේ ප්‍රධාන විෂය ඒකක 13 ක් යටතේ පොලිස් රාජකාරි සම්බන්ධව පූර්ණ දැනුමක් ලබාදී ඇති අතර ඊට අමතරව පෙළපාලි පුහුණුව, වන සටන් පුහුණුව, ශාරීරික අභ්‍යාස, ආත්මාරක්‍ෂක සටන් ක්‍රම, පිහිණුම් හා ක්‍රීඩා පුහුණුව මෙන්ම ඉංග්‍රීසි හා දෙමළ භාෂා පුහුණුව ද ලබාදී ඇත.

මෙම උත්සවය ආධුනික පොලිස් නිලධාරීන් සහ පොලිස් සංස්කෘතික අංශයේ නිලධාරීන් විසින් ඉදිරිපත් කරන ලද සංදර්ශනයන්ගෙන් විචිත්‍රවත් විය.

View the embedded image gallery online at:
https://www.police.lk/index.php/item/646-528#sigFreeId8e1ea8b4d7