covi 1ops roommedia

curfew pass 1

පොලිස් ජීවිතාරක්‍ෂක නිලධාරීන් කණ්ඩායම් 02 කින් කොරෝනා වෛරස් රෝග නිවාරණ විෂබීජහරණයට.

දිවයිනේ දැනට පවතින වාතාවරණය සැලකිල්ලට ගෙන වැඩබලන පොලිස්පතිතුමාගේ උපදෙස් පරිදි Covid - 19 කොරෝනා වෛරස් රෝගය ව්‍යාප්තිය මර්ධන කිරීම හා අවම කිරීම වෙනුවෙන් විෂබීජහරණය කිරීමේ පොලිස් කණ්ඩායම් 02 ක් නාවික, ජීවිතාරක්ෂක හා ආපදා කළමනාකරණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති එච්.එච්. චූලසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (17) දා නාවික, ජීවිතාරක්ෂක හා ආපදා කළමනාකරණ දිසා මෙහෙයුම් මැදිරියේ ස්ථාපිත කරන ලදී.

මෙම විෂබීජහරණ පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම් වෙත විෂබීජහරණය කිරීමට අවශ්‍ය සියලු උපකරණ කට්ටල ලබා දී ඇති අතර 2020.04.17 වන දින අපදා කළමනාකරණ මධ්‍යස්ථාන පරිශ්‍රය, 2020.04.19 වන දින තිඹිරිගස්යාය අශෝකාරාම විහාරස්ථාන පරිශ්‍රය, 2020.04.20 වන දින කොළඹ දිසාව නියෝජ්‍ය පොලිස්පති කාර්යාල පරිශ්‍රය, ප්‍රජා පොලිස් හා පරිසර ආරක්ෂණ දිසා නියෝජ්‍ය පොලිස්පති කාර්යාල පරිශ්‍රය, වරාය පොලිස් ස්ථාන පරිශ්‍රය හා පොලිස් නාවික කොට්ඨාස පරිශ්‍රය විෂබීජහරණය සිදුකරන ලදී.

View the embedded image gallery online at:
https://www.police.lk/index.php/item/665-02#sigFreeId9cb032fcc4