Print this page

මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවන් යොවුන් පුබුදුවෙන් යහමඟට...

සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ සහ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල්වල බාලවයස්කාර දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් තුරන් කර යහමඟට ගැනීමේ වැඩසටහනක් බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් 2020 ජුනි මස 28 වන දින පස්වරු 1500 ට ගංගාරාම විහාරස්ථානයේදී ආරම්භ කෙරිණි.

මෙම වැඩසටහන ‟යොවුන් පුබුදුව” නමින් නම් කර ඇති අතර මේ සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ වෙසෙන දරුවන් 54 දෙනෙකු සහභාගී විය. මෙහිදී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මනෝවිද්‍යා අධ්‍යනංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඥානදාස පෙරේරා මහතා විසින් මනෝවිද්‍යාත්මක උපදේශන මාලාවක්ද පැවැත්විණි.