covi 1ops roommedia

curfew pass 1

ජාතික පොලිස් අභ්‍යාස ආයතනය සදහා නව පරිපාලන ගොඩනැගිල්ලක් ඉදි කිරිමට මුල්ගල තැබේ.

ජාතික පොලිස් අභ්‍යාස ආයතනයන සදහා නව පරිපාලන ගොඩනැගිල්ලක් ඉදි කිරිමට මුල් ගල තැබීමේ උත්සවය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් 2018.08.23 වන දින පෙරවරු 07.38 ට යෙදුන සුභ මොහොතින් කටාන ජාතික පොලිස් අභ්‍යාස ආයතන පරිශ්‍රයේදී පැවැත්විණි.

 

ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරින්ගේ දැනුම සහ නිපුණතාවය වර්ධනය කිරිමට කටයුතු කරන මූලික අධ්‍යාපනික ආයතනය වන කටාන ජාතික පොලිස් අභ්‍යාස ආයතනයේ ඉදි කරනු ලබන නව පරිපාලන ගොඩනැගිල්ල මහල් 04 කින් යුක්තව ඉදි කිරිමට නියමිතව ඇත. මේ සදහා ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 182 ක් වන අතර, මෙම නව ගොඩගැලිල්ලෙහි ඉදි කිරිම් කටයුතු වර්ෂයක් ඇතුලත අවසන් කිරිමටද සැලසුම් කර ඇත.

 

මෙම අවස්ථාවට බස්නාහිර පළාත හා රථවාහන භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, සහයක සේවා හා තොරතුරු තාක්‍ෂණ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්.එෆ්.යු. ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වුහ.

news

1

1

sports news

special events1


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444

Information Room:
+94 11 2854931