covi 1ops roommedia

154 වන පොලිස් දිනය වෙනුවෙන් ලේ දන්දීමේ වැඩසටහනක්.

ශ්‍රී ලංකාවේ පැරණිතම රාජ්‍ය ආයතනයක් වන ශ්‍රී ලංකා පොලිසිය අද දින 154 වැනි සංවත්සරය අභිමානවත්ව සමරන අතර, ඒ වෙනුවෙන් පොලිස් මූලස්ථාන සුභසාධක සංගමය මගින් සංවිධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහනක් 2020.09.03 වන අද දින වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් මූලස්ථානයේ බිම් මහලේ පිහිටි සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

මෙහිදී පොලිස් මූලස්ථානයට අනුයුක්ත පොලිස් නිලධාරීන් සහ සිවිල් නිලධාරීන් විශාල පිරිසක් ලේ දන්දීම සිදු කළේය. ජාතික ලේ බැංකුවේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය වැඩසටහන සඳහා දායකත්වය දැක්වූ අතර, මෙම වැඩසටහනට උසස් පොලිස් නිලධාරීන් රැසක්ද සහභාගි විය.

View the embedded image gallery online at:
https://www.police.lk/index.php/item/724-154#sigFreeId21c3cd70ab