covi 1ops roommedia

මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට - කතරගම විශේෂ කාර්ය බලකා කඳවුර

කතරගම විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත 2020.09.13 වන දින සවස 05.05 ට පමණ කතරගම පොලිස් වසමේ පුංචිදඹේ ප්‍රදේශයේදී වැටලීමක් සිදුකර මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන කතරගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 27 ක් වූ සෙල්ලකතරගම, පුංචිදඹේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ. සැකකරු 2020.09.14. වන දින තිස්සමහාරාම ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. කතරගම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.