covid opsstf 37

විශිෂ්ට ලෙස රාජකාරි කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අපරාධ වාර්තා කොට්ඨාසයේ නිලධාරීන්ගේ සේවය ඇගයේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ අපරාධ වාර්ථා කොට්ඨාසයේ පොලිස් නිලධරයන් විසින් සිදු කළ විශිෂ්ඨ රාජකාරී ඇගයීමට ලක් කරමින් ත්‍යාග ප්‍රදානය කිරීමේ උත්සවයක් වැඩබලන පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 2020.09.19 වන දින අපරාධ වාර්තා කොට්ඨාස ශ්‍රවණාගාරයේදී පැවත්විණි.

මෙහිදී ත්‍යාග ප්‍රදානෝත්සවය සංකේතවත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධරයන් 60 දෙනකු සඳහා රුපියල් 4,470,250.00 ක්ද, අපරාධ වාර්තා කොට්ඨාසයේ නිලධරයන් 40 දෙනකු සඳහා රුපියල් 2,865,600.00 ක්ද ත්‍යාග මුදල් ලෙස ප්‍රදානය කර ඇත. 

මෙම අවස්ථාවට බස්නාහිර පළාත හා රථවාහන භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හා අපරාධ, සංවිධානාත්මක අපරාධ, බුද්ධි, මැතිවරණ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සහ අපරාධ, සංවිධානාත්මක අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි යන මහත්වරුන් ඇතුළු උසස් පොලිස් නිලධාරින් රැසක්ද එක්ව සිටියහ.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444