covi 1ops roommedia

අපරාධ, නීති විරෝධී ක්‍රියා, මත්ද්‍රව්‍ය උවදුර හා ළමා අපචාර වළක්වා ගැනීම සම්බන්ධව දහම් පාසැල් දරුවන් දැනුවත් කෙරේ.

වර්තමාන සමාජය තුළ සිදුවන අපරාධ, නීති විරෝධී ක්‍රියා, මත්ද්‍රව්‍ය උවදුර හා ළමා අපචාර ක්‍රියා වළක්වා ගැනීම පිළිබඳ ළමා පරපුර දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ උපදෙස් පරිදි පොලිස් මහජන සම්බන්ධතා කොට්ඨාසය විසින් ආරම්භ කර ඇත.

ඒ අනුව පොලිස් මහජන සම්බන්ධතා කොට්ඨාසයේ අධ්‍යක්‍ෂකතුමාගේ මඟ පෙන්වීම යටතේ දිවයින පුරා ළමා පරපුර දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් ආරම්භ කර ඇත.

එහි එක් වැඩසටහනක් 2020 ඔක්තෝබර් 04 දින දෙමටගොඩ සිරිධම්ම දහම් පාසලේ සිසු දරු දැරියන් වෙනුවෙන් පවත්වන ලදී.