covid ops

කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබන පොලිස් නිලධරයන්ගේ පවුල් සඳහා බෙදා දීමට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දීම

කොරෝනා වසංගතය මැඩලීම හා පාලනය සඳහා වූ පොලිස් රාජකාරීවල නිරත වෙමින් සිටියදී දැනට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී සිටින පොලිස් නිලධරයන්ගේ හා ඔවුන්ගේ පවුල්වල සුභ සාධන කටයුතු සොයා බලා ඔවුන්ගේ චිත්ත ධෛර්ය වර්ධනය කිරීම සදහා විශේෂ වැඩසටහනක් වැඩ බලන පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා විසින් ක්‍රියාත්මක කර ඇත.

ඒ අනුව, බස්නාහිර පළාතේ පොලිස් ස්ථානවලට අනුයුක්තව රාජකාරී කරනු ලබන නිලධරයන් 225දෙනෙකුගේ පවුල් සඳහා ලබා දීමට අත්‍යාවශ්‍ය වියලි ආහාර ද්‍රව්‍ය පාරසල් තොගයක් බස්නාහිර පළාත හා රථවාහන භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත ලබා දීම කුරුණෑගල රුචිනි සමූහ ව්‍යාපාරය විසින් 2020.11.07වන අද දින පොලිස් මූලස්ථානයේදී සිදුකරන ලදි. එම පාරසල් ප්‍රජා පොලිස් ඒකක හරහා ආසාධිත පොලිස් නිලධරයන්ගේ නිවාස වෙත ගෙන ගොස් භාර දීමට නියමිතව ඇත.

View the embedded image gallery online at:
https://www.police.lk/index.php/item/774-19#sigFreeId849c89e4c4