covid opsstf 37

“එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයට” පොලිසියේ දායකත්වය.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කල “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” ජාතික ප්‍රදර්ශනය ඊයේ (2018 අගෝස්තු 29) දින ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මොණරාගලදී විවෘත කරන ලදී.

ප්‍රදර්ශන කුටි 515 කින් සමන්විත මෙම ප්‍රදර්ශනය කළාප 12 ක් යටතේ පැවැත්වේ. එසේම රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ ප්‍රදර්ශකයන් 200 කට අධික පිරිසක් ද ප්‍රදර්ශනය සදහා සහභාගි වී සිටින අතර ශ්‍රී ලංකා පොලිසියේ අපරාධ වාර්තා කොට්ඨාසය, මත්ද්‍රව්‍ය කාර්යාංශය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ආධුනිකයන් බඳවා ගන්නා කොට්ඨාසය, පොලිස් පාරිසරික කොට්ඨාසය, තොරතුරු තාක්ෂණ කොට්ඨාසය, මහජන සම්බන්ධතා කොට්ඨාසය, මාධ්‍ය කොට්ඨාසය, ප්‍රජා පොලිස් කොට්ඨාසය, ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය ඇතුළුව පොලිසියේ විවිධ කොට්ඨාසයන් නියෝජනය වන පරිදි ප්‍රදර්ශන කුටි රාශියක් ද ප්‍රදර්ශන භූමියේ ස්ථාපිත කර ඇත.

ඊයේ දින ප්‍රදර්ශනය විවෘත කිරීමෙන් අනතුරුව ගරු අග්‍රාමාත්‍යතුමන් ඇතුළු මැති ඇමතිවරුන් මෙන්ම පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාද ප්‍රදර්ශන කුටි නිරීක්ෂණය කළ අතර ශ්‍රී ලංකා පොලිසිය විසින් ඉදිකරන ලද ප්‍රදර්ශන කුටිද අග්‍රාමාත්‍යතුමන්ගේ නිරීක්ෂණයට ලක්විය.



igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444