covid ops

කළුතරට දිසා අපරාධ කොට්ඨාසයක්.

අළුත්ගම පොලිස් ස්ථාන භූමියේ ස්ථාපිත කර තිබූ කළුතර දිසා අපරාධ කොට්ඨාසය මහජන ආරක්ෂාව පිළිබඳ ගරු අමාත්‍ය රියාර් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර මහතා, හා පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 2021 මාර්තු 30 වන දින පස්වරු 05.00 ට යෙදුණු සුබ මොහොතින් සිදුකරන ලදී.


කොට්ඨාසය තුළ මහා පරිමාණ වශයෙන් සිදුවන සංවිධානාත්මක අපරාධ මර්ධන කිරීම මෙම දිසා අපරාධ කොට්ඨාසයේ මූලික අරමුණ වන අතර මෙම ගොඩනැගිල්ල අළුත්වැඩියා කිරීම සඳහා රුපියල් මිලියන 2.5 ක පමණ මුදලක් වැය කර ඇත.


මෙම උත්සවය සඳහා වරාය හා නාවික කටයුතු ගරු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, කාන්තා හා අධ්‍යාපන යටිතල පහසුකම් ගරු රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත යන මැතිතුමන්ලා ඇතුලු ආරාධිත අමුත්තන් පිරිසක්ද, බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහායක සේවා ප්‍රියන්ත වීරසුරිය, කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත, කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාස යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක්ද සහභාගි වූහ.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

1

sports news

special events1

w01

02

01

reinstatement


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444