covid ops

කොවිඩ් එන්නත ලබාගැනීම සහ ඉන්පසුදව නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම පිළිබඳව මහජනයා දැනුවත් කිරීමේ සෞඛ්‍ය අමාත්‍යංශයේ වැඩපිළිවෙළ සඳහා ශ්‍රී ලංකා පොලීසියේ සහාය ලබාගැනීම.

සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය අධ්‍යාපන හා ප්‍රවර්ධන කාර්යංශය විසින් කොවිඩ් - 19 වෛරසය වැලැක්වීම සඳහා නිෂ්පාදිත එන්නත් පිළිබඳව මහජනයා තුළ තිබෙන දුර්මත බැහැර කිරීම සඳහා සහ එන්නත් ලබාගැනීමෙන් පසුදව පෙර සෞඛ්‍ය පුරුදු එලෙසම පවත්වා ගැනීම පිළිබඳව මහජනයා දැනුවත් කිරීමේ වැඩපිළිවෙල සඳහා එම අමාත්‍යංශය මඟින් ශ්‍රී ලංකා පොලීසියෙන් කරන ලද ඉල්ලීම පරිදි එයට දායක වීමට ශ්‍රී ලංකා පොලීසිය තීරණය කරන ලදී.

 

ඒ අනුව මහජනයා දැනුවත් කිරීම සඳහා නිර්මාණය කරන ලද බැනර්, පෝස්ටර්, ස්ටිකර් හා අත් පත්‍රීකා තොගයක් 2021 අප්‍රේල් මස 05 වන දින පස්වරු 02.00 ට පොලිස් මූලස්ථානයේදී සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ පාලිත කරුණාපේම මහතා හා විශේෂඥ වෛද්‍ය උත්පලා අමරසිංහ මහත්මිය විසින් බස්නාහිර පළාත හා රථවාහන භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා හා පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා වෙත සංකේතාත්මකව භාරදීමට කටයුතු කරන ලදී.

 

එම අවස්ථාවේදීම බස්නාහිර පළාත තුළ පිහිටි පොලිස් කොට්ඨාස 10 ට අයත් කොට්ඨාස ප්‍රජා පොලිස් ස්ථානාධිපතිවරුන් වෙතද, නාගරික රථවාහන ස්ථානාධිපති හා නුගේගොඩ සහ කැළණිය රථවාහන කොට්ඨාසවල ස්ථානාධිපතිවරුන් වෙත බෙදාදීමට කටයුතු කරන ලද අතර දිවයින පුරා පිහිටි පොලිස් ස්ථානවල ප්‍රදර්ශනයට සහ පොලිස් වසම්වල බෙදාහැරීම සඳහා ඉහත ප්‍රචාරණ ද්‍රව්‍ය නොපමාව ඉදිරියේදී බෙදාහැරීමට සැළසුම් කර ඇත.

 

කොවිඩ් - 19 නව කොරෝනා වෛරසයට එරෙහිව ශ්‍රී ලංකා පොලීසිය විසින් නොකඩවා සිදුකරන මහජනතාව උදෙසා වූ ක්‍රියාකාරකම්වල තවත් එක් ක්‍රියාකාරකමක් ලෙස මෙය ඉටුකීරීම සඳහා කැපවීමෙන් කටයුතු කිරීමට සියළු පොලිස් නිලධාරීන් විසින් කටයුතු කරනු ඇත.

 

පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතාද මෙම අවස්ථාවට සහභාගී විය.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

1

sports news

special events1

w01

02

01

reinstatement


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444