covid ops

පොලිස් නිලධරයන්ගේ විශ්‍රාම වැටුප් මාර්ගගත (online) පරිගණක වැඩසටහන ස්ථාපිත කෙරේ.

පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාසය හා පොලිස් සුභසාධක කොට්ඨාසය එක්ව සකස් කරන ලද පොලිස් නිලධාරීන්ගේ විශ්‍රාම ගොනු සකස් කිරීමේ මාර්ගගත (online) වැඩසටහන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) ජගත් අබේසිරිගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 2021 අප්‍රේල් මස 28 වන දින උදෑසන 10.00 ට පොලිස් මූලස්ථානයේදී ස්ථාපිත කරන ලදී.

පොලිස් නිලධාරියෙකු සාමාන්‍යයෙන් දශක 4 කට ආසන්න කාලයක් පොලිස් සේවාව තුල රාජකාරී කරන අතර එම නිලධාරීන් මෙම කාලය තුලදී විවිධ ප්‍රදේශවලට ස්ථාන මාරුවීම් ලබයි. ඒ අනුව නිලධාරීන්ගේ විශ්‍රාම ගොනු සකස් කිරීමේදී විවිධ පරිපාලනමය දුෂ්කරතාවලට මුහුණපාන අතර, ඒ තුලින් විශ්‍රාම වැටුප් පවා ලබාගැනීම ප්‍රමාද වේ. එම දුෂ්කරතා අවම කිරීම සඳහා පොලිස්පතිතුමාගේ නියෝග සහ උපදෙස් පරිදි මෙම නව විශ්‍රාම වැටුප් මාර්ගගත (online) ක්‍රමය ආරම්භ කරන ලදි.

මෙම පරිගණක වැඩසටහන පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී දමයන්ත හෙට්ටිආරච්චි මහතා විසින් නිර්මාණය කර ඇති අතර රජය වැය කළ යුතු රුපියල් මිලියන 9 කට අධික මුදලක් මෙමඟින් ඉතිරි කර දී ඇත.

විශ්‍රාම යන නිලධාරියකු තම අවසන් වැටුප රැගෙන විශ්‍රාම යාමෙන් පසු ඊළඟ මාසයේදී ඔහුට හිමි විශ්‍රාම වැටුප ලබාගැනීමට සැලැස්වීම මෙහි ප්‍රධාන අරමුණ වේ. සුභසාධක හා වෛද්‍ය සේවා දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, පර්යේෂණ හා සංවර්ධන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති යූ.පී.ඒ.ඩී.කේ.පි කරුණානායක, සුභසාධක කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පී.ආර්.පී සේනානායක, මානව සම්පත් කළමණාකරණ කොට්ඨාස අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සේනාධීර යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු මෙම අවස්ථාවට සහභාගී විය.

View the embedded image gallery online at:
https://www.police.lk/index.php/item/844-online#sigFreeId534790b7a5

 

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

1

sports news

special events1

w01

02

01

reinstatement


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444