covid ops

කොළඹ රථවාහන තදබදය අවම කිරීමට ශ්‍රී ලංකා පොලිසියෙන් නව වැඩපිළිවෙළක්.

අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයක් මත කොළඹ නගරය හා අවට රථ වාහන තදබදය අවම කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය මඟින් ඩ්‍රෝන කැමරා යොදා ගනිමින් නව රථවාහන වැඩපිළිවෙළක් ආරම්භ කිරීමේ නියමු ව්‍යපෘතිය අද උදෑසන (2021 මැයි 06) නුගේගොඩ ගුවන් පාලම අසලින් ආරම්භ කරනු ලැබීය. මෙය පොලිස් විශේෂ කාර්ය බලකායේ ඩ්‍රෝන කැමරා අංශය විසින් සිදු කළ අතර, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඩ්‍රෝන කැමරා අංශයේද සහය ලබා ගන්නා ලදී.

මෙම වැඩසටහන මගින් කොළඹ නගරය තුළ ඩ්‍රෝන කැමරා ගුවන් ගත කර ඒ මගින් ලබා ගන්නා දර්ශන විශේෂ වෑන් රථයක ස්ථාපිත කර ඇති ජංගම මැදිරි වෙත ක්ෂණිකව ලබා ගැනීමට කටයුතු කර ප්‍රධාන මාර්ග වල රථ වාහන තදබදය අධික ලෙස පවතින ස්ථාන හඳුනා ගැනීමට කටයුතු කිරිමයි. පසුව එම ස්ථාන වල රථවාහන තදබදය අවම කිරිම සදහා රථ වාහන නිලධාරින්ට නිවැරදි ලෙස කටයුතු කිරිමට අවශ්‍ය උපදෙස් ලබාදී අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලබන අතර මාර්ග නීති උල්ලංඝනය සිදු කරන රියදුරන් සම්බන්ධයෙන්ද මෙමගින් අධික්ෂණය කරනු ඇත.

අද දින ආරම්භ කරන ලද මෙම නියමු ව්‍යාපෘතියය ඉදිරියේදී අධික රථ වාහන තදබදයක් පවතින වෙනත් ප්‍රදේශ වල ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසිය බලාපොරොත්තු වේ. මෙම අවස්ථාව සඳහා නීති දිසාව භාර සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර, නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නුවන් අසංක, පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂ නිහාල් තල්දූව, අධ්‍යක්ෂ රථවාහන, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ, අධ්‍යක්ෂ නාගරික රථ වාහන, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රණගල යන මහත්වරුන් ඇතුළු පොලිස් නිලධාරීන් මෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් බුද්ධි අධ්‍යක්ෂක එයාර් කොමදෝර් තුෂාර වීරරත්න මහතා ඇතුළු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් පිරිසක් ද සහභාගි වන ලදි.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

1

sports news

special events1

w01

02

01

reinstatement


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444