covid ops

හිරණ නව පොලිස් ස්ථානය ජනතා අයිතියට පත් කෙරේ.

පානදුර පොලිස් කොට්ඨාසයට අයත් පොලිස් මුරපොලක්ව පැවති හිරණ පොලිස් මුරපොල නවීකරණය කිරීමෙන් පසුව එය පොලිස් ස්ථානයක් බවට පත් කර ජනතා අයිතියට පත් කිරීම 2021 ජූලි 16 වන දින පෙරවරුවේ යෙදුණු සුභ මොහොතින් සිදු විය.

එම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය (විශ්‍රාමික) රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා සහභාගි වූ අතර ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරමින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සහභාගි විය.

අතිගරු ජනාධිපතිතුමන්ගේ “සෞභාග්‍යයේ දැක්ම” සංකල්පය යටතේ මේ වන විට දිවයින පුරා පොලිස් ස්ථාන රාශියක් ජනතා අයිතියට පත් කිරීම සිදු කර ඇති අතර, හිරණ නව පොලිස් ස්ථානයද එසේ ඉදිවූ තවත් එක් පොලිස් ස්ථානයකි.

හිරණ පොලිස් ස්ථානයට ග්‍රාමසේවා වසම් 10 ක් අයත් වන අතර, මෙම පොලිස් ස්ථානය ආරම්භ කිරීමට ප්‍රථම එම සියලුම ග්‍රාමසේවා වසම් පානදුර දකුණ පොලිස් ස්ථානයට අයත්ව පැවතිණ. මෙම නව පොලිස් ස්ථානය ජනතා අයිතියට පත්වීම තුලින් පොලිස් වසමේ පදිංචි 40000 කට අධික ජනතාවට ශ්‍රී ලංකා පොලිසිය මඟින් ලබාදෙන සේවාවන් කාර්යක්ෂම හා ඵලදායී ලෙස ලබා ගැනීමට මෙන්ම අපරාධ පිලිබඳ බියකින් තොරව තම දෛනික කටයුතු සිදු කර ගැනීමට අවස්ථාව උදාවේ.

පොලිස් ස්ථානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල, කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති, මහින්ද ගුණරත්න, පානදුර කොට්ඨාස භාර පොලිස් අධිකාරී සමන්ත වෙදගේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වූ අතර රටේ පවත්නා කොවීඩ් 19 වසංගත තත්වය හේතුවෙන් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගතව මෙම උත්සවය පැවැත්විණි.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

reinstatement


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444