covid ops

අළුබෝමුල්ල නව පොලිස් ස්ථානය විවෘත කෙරේ.

අතිගරු ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම” සංකල්පය යටතේ දිවයින පුරා නව පොලිස් ස්ථාන රාශියක්  ස්ථාපිත කර ජනතා අයිතියට පත් කිරීම මේ වන විට සිදු කර ඇත. එහි තවත් එක් පියවරක් ලෙස අළුබෝමුල්ල නව පොලිස් ස්ථානය විවෘත කිරීම 2021 ජූනි 16 වන දින මහජන ආරක්ෂක අමාත්‍ය (විශ්‍රාමික) රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා විසින් සිදු කරන ලදී.

මෙම උත්සවය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න, පානදුර කොට්ඨාස භාර පොලිස් අධිකාරී සමන්ත වෙදගේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

අළුබෝමුල්ල පොලිස් වසමට ග්‍රාමසේවා වසම් 10 ක් අයත් වන අතර එම වසම් තුල 26000 කට අධික ජනතාවක් පදිංචිව සිටී. මෙම පොලිස් ස්ථානය ආරම්භ කිරීමට ප්‍රථම එම ජනතාව ඔවුන්ගේ අවශ්‍යතාවයන් සපුරා ගනු ලැබුවේ පානදුර දකුණ පොලිස් ස්ථානය මඟිනි. එබැවින් මෙම නව පොලිස් ස්ථානය තුලින් ප්‍රදේශයේ ජනතාවට අපරාධ පිළිබඳ බියකින් තොරව තම ජන ජීවිතය පවත්වාගෙන යාමට හැකියාව උදාවීම සුවිශේෂී වන අතර අළුබෝමුල්ල ප්‍රදේශයේ ජනතාවද මෙම නව පොලිස් ස්ථානය ඉදි කිරීම පිළිබඳව ශ්‍රී ලංකා පොලිසියට ඔවුන්ගේ කෘතඥතාවය පල කර සිටියි. රටේ පවත්නා කොවීඩ් 19  වසංගත තත්වය හේතුවෙන් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගතව මෙම උත්සවය පැවැත්විණි.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

reinstatement


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444