covid ops

ශ්‍රී ලංකා පොලිසියට චීන සමූහආණ්ඩුවෙන් යතුරුපැදි 10 ක් ප්‍රධානය කෙරේ..

ශ්‍රී ලංකා පොලිසිය වෙත චීන සමූහආණ්ඩුව විසින් යතුරුපැදි 10 ක් ප්‍රධානය කිරීම 2021 දෙසැම්බර් 29 වන දින පෙරවරුවේදී පොලිස් මූලස්ථානයේදී පැවැත්විණි.

මෙහිදී චීන සමූහආණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති QI ZHENHONG මහතා විසින් මෙම යතුරුපැදි 10 නිල වශයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් (විශ්‍රාමික) මේජර් ජෙනරාල් ජගත් අල්විස් මහතා හා පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා වෙත භාර දෙන ලදී.

මිලියන 04 ක් පමණ වටිනාකමින් යුතු මෙම යතුරුපැදි 10 ය, GN 125H එන්ජින් ධාරිතාවයකින් යුක්ත වන අතර එම යතුරු පැදි පොලිස් කොට්ඨාස 10 ක් වෙත භාර දීමට කටයුතු කරන ලදී.

මෙම අවස්ථාවේදී පොලිස්පතිතුමා විසින් චීන සමූහආණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපතිතුමා වෙත සමරු තිළිණයක් ප්‍රධානය කරන ලදී.

මෙම උත්සව අවස්ථාවට චීන සමූහආණ්ඩුවේ ආරක්ෂක අංශයේ නිලධාරි මහත්වරුන්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහයක සේවා ප්‍රියන්ත වීරසුරීය, නියෝජ්‍ය පොලිස්පති ප්‍රවාහන හා සංදේශ දිසාව බුද්ධික සිරිවර්ධන යන මහත්වරුන් ඇතුළු උසස් නිලධාරින් පිරිසක් සහභාගී වු අතර මෙය සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පවත්වන ලදි.

View the embedded image gallery online at:
https://www.police.lk/index.php/item/944-10#sigFreeId3ccc1f8dc9

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444