covid opsstf 37

03මත්ද්‍රව්‍ය කාර්යාංශය මහනුවර ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත කොස්වත්ත පොලිස් වසමේ කිරිමැටියාන ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 360 ක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් අනාවරණය කරගත් තොරතුරු අනුව හෙරොයින් කිලෝ 02 ග්‍රෑම් 232 යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු 2020.10.02 වන දින රාත්‍රී කාලයේදී අත්අඩංගුවට ගෙන ඇත.

42020 ඔක්තෝබර් 01 වන දිනට යෙදී තිබූ ලෝක ළමා දිනයට සමගාමීව පොලිස් පවුල් සුභසාධක සංගමය මඟින් පාලනය වන පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය, මරදාන හා කොළඹ 02, කිව් පාරේ පිහිටි පෙර පාසල්වල ඉගෙනුම ලබන පොලිස් නිලධරයන්ගේ දූවා දරුවන් 107 දෙනෙකු හා ප්‍රජා පොලිස් කොට්ඨාසය මඟින් පාලනය වන බොරැල්ල ලක්විඳු පෙර පාසලේ දූවා දරුවන් 43 දෙනෙකුගේ සහභාගිත්වයෙන් ලෝක ළමා දින සැමරුම් උත්සවයක් එදින පැය 0930 ට කොළඹ 05 පිහිටි පොලිස් පවුල් සුභසාධක සංගමයේ ප්‍රධාන ශාලාවේදී අති උත්කර්ශවත්ව පවත්වන ලදි.

1පොලිස් මහජන සම්බන්ධතා කොට්ඨාසයේ නිලධාරීන් හා මීරිගම පොලිස් ස්ථානයේ නිලධාරීන් එක්ව ඔක්තෝබර් 01 දිනට යෙදී තිබූ ලෝක ළමා දිනය වෙනුවෙන් සංවිධානය කර තිබු සමාජ සත්කාර වැඩසටහනක් මීරීගම සත්සෙවණ රජයේ පිරිමි ළමා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේදී 2020 ඔක්තෝබර් 01 දින දවස පුරා පවත්වන ලදී.

අපරාධ, නීති විරෝධී ක්‍රියා, මත්ද්‍රව්‍ය උවදුර හා ළමා අපචාර වළක්වා ගැනීම සම්බන්ධව දහම් පාසැල් දරුවන් දැනුවත් කෙරේ.වර්තමාන සමාජය තුළ සිදුවන අපරාධ, නීති විරෝධී ක්‍රියා, මත්ද්‍රව්‍ය උවදුර හා ළමා අපචාර ක්‍රියා වළක්වා ගැනීම පිළිබඳ ළමා පරපුර දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ උපදෙස් පරිදි පොලිස් මහජන සම්බන්ධතා කොට්ඨාසය විසින් ආරම්භ කර ඇත.

01අපරාධ, සංවිධානාත්මක අපරාධ නිවාරණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිගේ උපදෙස් පරිදි පොලිස් කොට්ඨාස 44 ක් සහ ක්‍රියාකාරී කොට්ඨාස වන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ අපරාධ කොට්ඨාසය, සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය, රාජ්‍ය බුද්ධි සේවය සහ කළුතර පොලිස් විද්‍යාලය යන කොට්ඨාස වලට අනුයුක්ත නිලධාරීන් 150 දෙනෙකුට ආසන්න ප්‍රමාණයකට මුදල් විශුද්ධිකරණය, ඊෂි කෑෂ්, ජී.පී.එස්. තාක්‍ෂණය සහ දුරකතන විශ්ලේෂණ වාර්තා පිළිබඳ එක්දින පුහුණු වැඩමුළුවක් පසුගියදා (2020 සැප්තැම්බර් 21) අපරාධ වාර්තා කොට්ඨාස ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී.

04අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ අපරාධ වාර්ථා කොට්ඨාසයේ පොලිස් නිලධරයන් විසින් සිදු කළ විශිෂ්ඨ රාජකාරී ඇගයීමට ලක් කරමින් ත්‍යාග ප්‍රදානය කිරීමේ උත්සවයක් වැඩබලන පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 2020.09.19 වන දින අපරාධ වාර්තා කොට්ඨාස ශ්‍රවණාගාරයේදී පැවත්විණි.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444