covid ops

01අපරාධ, සංවිධානාත්මක අපරාධ නිවාරණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිගේ උපදෙස් පරිදි පොලිස් කොට්ඨාස 44 ක් සහ ක්‍රියාකාරී කොට්ඨාස වන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ අපරාධ කොට්ඨාසය, සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය, රාජ්‍ය බුද්ධි සේවය සහ කළුතර පොලිස් විද්‍යාලය යන කොට්ඨාස වලට අනුයුක්ත නිලධාරීන් 150 දෙනෙකුට ආසන්න ප්‍රමාණයකට මුදල් විශුද්ධිකරණය, ඊෂි කෑෂ්, ජී.පී.එස්. තාක්‍ෂණය සහ දුරකතන විශ්ලේෂණ වාර්තා පිළිබඳ එක්දින පුහුණු වැඩමුළුවක් පසුගියදා (2020 සැප්තැම්බර් 21) අපරාධ වාර්තා කොට්ඨාස ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී.

04අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ අපරාධ වාර්ථා කොට්ඨාසයේ පොලිස් නිලධරයන් විසින් සිදු කළ විශිෂ්ඨ රාජකාරී ඇගයීමට ලක් කරමින් ත්‍යාග ප්‍රදානය කිරීමේ උත්සවයක් වැඩබලන පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 2020.09.19 වන දින අපරාධ වාර්තා කොට්ඨාස ශ්‍රවණාගාරයේදී පැවත්විණි.

2020 සැප්තැම්බර් මස 25 වන දින පෙරවරු 08.30 ට සුහුරුපාය, 14 වන මහලෙහි පිහිටි අභ්‍යන්තර ආරක්ෂක අංශයේ කාර්යාල පරිශ්‍රයේදී, පොලිස් මහජන දිනය ගරු අභ්‍යන්තර ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමණාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. ඒ සඳහා වැඩබලන පොලිස්පති, අමාත්‍යංශ මාණ්ඩලික නිලධාරීන් සහ කොට්ඨාශ භාර පොලිස් නිලධාරීන් සහභාගී වේ.

transferජාතික පොලිස් කොමිෂන් සභා‍වේ අනුමැතිය පරිදි සේවයේ අවශ්‍යතාවය මත සහකාර පොලිස් අධිකාරි තනතුරේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුර දක්වා වහාම ක්‍රියාත්මක කරන ලද ස්ථාන මාරුවීම් ලේඛණය.

01සමාජය තුල සිදුවන අපරාධ, නීති විරෝධී ක්‍රියා, මත්ද්‍රව්‍ය උවදුර හා ළමා අපචාර ක්‍රියා වලක්වා ගැනීම පිළිබඳව ළමා පරපුර දැනුවත් කිරීමේ දේශණ මාලාවක් වැඩබලන පොලිස්පති සි.ඩී. වික්‍රමරත්න මහතාගේ උපදෙස් පරිදි පොලිස් මහජන සම්බන්ධතා දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලාල් සෙනෙවිරත්න සහ පොලිස් මහජන සම්බන්ධතා කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ හා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරී ජාලිය සේනාරත්න යන මහත්වරුන්ගේ අධික්ෂණය යටතේ පොලිස් මූලස්ථානයේ, පොලිස් මහජන සම්බන්ධතා කොට්ඨාසය මඟින් දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලබයි.

1හම්බන්තොට විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත 2020.09.13 වන දින රාත්‍රී 10.55 ට පමණ හම්බන්තොට පොලිස් වසමේ සින්නුක්කුගල ප්‍රදේශයේදී වැටලීමක් සිදුකර මෙරට නිෂ්පාදිත ගිනි අවි 02 ක්, පිහියක් හා තවත් දේපල සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන හම්බන්තොට වනජීවී කාර්යාලය වෙත භාර දී ඇත.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444