covid ops

කොරෝනා වෛරසය වසංගත තත්ත්වයක් දක්වා ව්‍යාප්ත වීමත් සමඟ රෝහල් තුළ ප්‍රතිකාර ලබන රෝගීන් හට අවශ්‍ය රුධිරය හිඟයකින් තොරව පවත්වා ගැනීම අරමුණු කර ගනිමින් අම්පාර කොට්ඨාස ප්‍රජා පොලිස් ඒකකය සහ පදියතලාව පොලිස් ස්ථානයේ ප්‍රජා පොලිස් ඒකකය විසින් සංවිධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහනක් මහඔය රෝහලේ ලේ බැංකුවේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා පදියතලාව අභිනවාරාම විහාරස්ථානය පරිශ්‍රයේදී පැවත්විණි.

02කෑගල්ල පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරීයේ යෙදී සිටි පොලිස් සැරයන් 13935 එම්.එම් අරුණ සේනාධීර නිලධාරියා 2002 වර්ෂයේදී අතුරුදහන්වීමක් සම්බන්ධයෙන් නිලධාරියාගේ බිරිඳ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කර ඇති පැමිණිල්ලකට අනුව විමර්ශනයක් සිදු කර ගෙන යනු ලබයි.

සිදු කරන ලද විමර්ශන වලදී අතුරුදහන්ව සිටින ඉහත නිලධාරියා සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරක් අනාවරණය වී නොමැත. ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා තොරතුරු ලබා ගැනිමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මහජන සහය පතයි.

drug2020.05.13 වන දින මධ්‍යම රාත්‍රී මහබාගෙ පොලිස් වසමේ නුගගහවත්ත පාර, වැලිසර, රාගම ලිපිනයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර හෙරොයින් කිලෝ 225 ග්‍රෑම් 969 ක්, හෙරොයින් ජාවාරම සඳහා උපයෝගී කර ගත් සුඛෝපභෝගී මෝටර් රථයක් හා කැබ් රථයක් සමඟ සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

 

Aකොරෝනා වෛරසය මැඩපැවැත්වීම සම්බන්ධයෙන් ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් වලාන දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන්ගේ දායකත්වයෙන් ලේ දන්දීමේ වැඩසටහනක් ජාතික රුධිර පාරවිලන ඒකකයේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් 2020 අප්‍රේල් මස 29 වන දින පෙරවරු 0900 ට වලාන දුෂණ මර්ධන ප්‍රහාරක ඒකක පරිශ්‍රයේදී සිදුකරන ලදී.

ජාතික හැඳුනුම්පත්, ඇඳිරි නීති බලපත්‍ර සහ අනෙකුත් බලපත්‍ර පරීක්ෂා කිරීමේදී පොලිස් නිලධරයන් ලේඛණ තම අතට ගෙන පරීක්ෂා කිරීමට කටයුතු කිරීම නිසා සමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීමට නොහැකි වන බවට නිරීක්ෂණය වී ඇති අතර පරීක්ෂාවට ලක්වන තැනැත්තා සහ පොලිස් නිලධාරියා මුහුණට මුහුණ බලාගෙන කටයුතු කිරීම මත කොරෝනා වෛරසය බෝවීමේ අවදානමක් ඇති වේ.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444