covi 1ops roommedia

05රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ සංවිධානයෙන්, ශ්‍රී ලංකා පොලිසියේ ඉහළ ස්ථරය වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා නියෝජ්‍ය පොලිස්පතිවරුන් සමඟ පොලිසියේ අභිවෘද්ධිය සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව විශේෂ සාකච්ඡාවක් වාරිමාර්ග අමාත්‍ය හා අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය ගරු චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් 154 වන පොලිස් දිනය යෙදී තිබූ 2020.09.03 වන අද දින පස්වරු 0300 ට පොලිස් මූලස්ථානයේ පොලිස්පති සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

8ශ්‍රී ලංකාවේ පැරණිතම රාජ්‍ය ආයතනයක් වන ශ්‍රී ලංකා පොලිසිය අද දින 154 වැනි සංවත්සරය අභිමානවත්ව සමරන අතර, ඒ වෙනුවෙන් පොලිස් මූලස්ථාන සුභසාධක සංගමය මගින් සංවිධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහනක් 2020.09.03 වන අද දින වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් මූලස්ථානයේ බිම් මහලේ පිහිටි සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

154 වන පොලිස් දිනය නිමිත්තෙන් පොත් ප්‍රධානය කිරීමේ උත්සවය.වර්ෂ 1866 ක්වූ සැප්තැම්බර් මස 03 වන දින, විධිමත්ව නෛතික රාමුවක් තුල ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකා පොලිසිය, 154 වන පොලිස් දිනය අද ඉතා අභිමානවත්ව සමරනු ලබයි. ඊට සමගාමිව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය, බස්නාහිර පළාත හා රථවාහන මගින් සංවිධානය කරන ලද බස්නාහිර පළාතේ පාසල් 10ක පුස්තකාල සඳහා පොත් ප්‍රධානය කිරීමේ උත්සවය 2020.09.03 වන අද දින වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගංඟාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී...

12වාරි මාර්ග අමාත්‍ය හා අභ්‍යන්තර ආරක්‍ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්‍ෂ මහතා සහ ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් ජී.ඩී.එච්.කේ ගුණරත්න (විශ්‍රාමික) මහතා 2020.09.02 වන දින පෙරවරුවේ පොලිස් මූලස්ථානයේ සංචාරයක නිරත වූහ.

විදෙස් රටවල රැකියා ලබා දෙන බව පවසා සිදු කරනු ලබන මහා පරිමාණ මුදල් වංචාවක් අනාවරණය කර ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය සමත්වී ඇත. ඒ සම්බන්ධයෙන් පොලිස් තොරතුරු තාක්ෂණ හා මාධ්‍ය කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති ලාල් සෙනවිරත්න මහතා විසින් 2020.08.31 දින පොලිස් මූලස්ථානයේදී පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාව.

8Commander of the Navy, Vice Admiral Nishantha Ulugetenne met with the Acting Inspector General of Police Mr. C.D Wickramaratne at the Police Headquarters on 26th August 2020.