covi 1ops roommedia

ගම්පහ කොට්ඨාසයේ ප්‍රජා පොලිස් උපදේශණ කමිටු සාමාජිකයින්ගේ සේවය ඇගයේ.ගම්පහ කොට්ඨාසයේ වැලිවේරිය, යක්කල, වීරගුල හා මල්වතුහිරිපිටිය යන පොලිස් ස්ථානවල ප්‍රජා පොලිස් උපදේශණ කමිටු සාමාජිකයින් හට ඔවුන්ගේ සේවය අගයමින් සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවයක් ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මුදිත පුස්සැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (20) දා යක්කල ප්‍රදේශීය සභා ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී.

පොලිස්පතිතුමන් නව වසරේ රාජකාරි ආරම්භ කරයි.පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් පොලිස් මූලස්ථානයේ පොලිස්පති නිල මැදිරියේදී 2019 නව වසරේ රාජකාරි අරඹමින් අද (2019 ජනවාරි 01) දින පළමුවෙන්ම සේවය අතහැර යාමේ නියෝග ලබා සිටි නිලධාරීන් කිහිපදෙනෙකුගේ අභියාචනා සැලකිල්ලට ගෙන එම නිලධාරීන් නැවත සේවයේ පිහිටුවීම සිදු කරන ලදී.

පොලිස් මූලස්ථානයේ නිලධාරීන් රාජ්‍ය සේවක ප්‍රතිඥාව ලබා දෙයි.උදා වූ 2019 නව වර්ෂයේ රාජකාරි කටයුතු ආරම්භ කිරීමට මත්තෙන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (ජනවාරි 01) උදෑසන පොලිස් මූලස්ථානයේදී රාජ්‍ය සේවන ප්‍රතිඥාව ලබා දීම සිදු කෙරිණි.

තනතුර හැඩගැස්වීමේ පාඨමාලාව සාර්ථකව හදාරන ලද රාජ්‍ය නිවේදිත නිලධාරින් සදහා සහතික පත් පිරිනැමේ.ජාතික පොලිස් අභ්‍යාස ආයතනය මගින් පවත්වන ලද තනතුර හැඩගැස්වීමේ පාඨමාලාව සාර්ථකව හදාරන ලද රාජ්‍ය නිවේදිත නිලධාරින් සදහා සහතිකපත් පිරිනැමීම පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් 2018.12.31 වන දින පොලිස්පති සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවත්විය.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා වෙත විශේෂ පොලිස් උත්තමාචාරයක් පිරි නැමීම.ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා විශ්‍රාම යාම නිමිත්තෙන් එතුමා වෙනුවෙන් පොලිස් උත්තමාචාර පෙළපාලියක් 2018.12.31 වන දින පොලිස් මූලස්ථානයේදී පවත්වන ලදී.

හෙරොයින් කිලෝ 278 ක් හා කොකේන් කිලෝ 05 ක් සමඟ බංගලාදේශ ජාතිකයින් දෙදෙනෙකු අත් අඩංගුවටපොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා ඒකාබද්ධව ලද තොරතුරක් මත 2018.12.31 දින දහවල් කාලයේ ගල්කිස්ස ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක් තුලදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 09 ක් සමඟ බංගලාදේශ ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදි.

රත්නපුර කොට්ඨාසයේ පොලිස් නිලධාරින්ගේ සේවය අගයමින් මුදල් ත්‍යාග පිරිනමයි.රත්නපුර කොට්ඨාසයේ පොලිස් නිලධරයන් විසින් සිදුකළ විශිෂ්ට සේවය ඇගයීමට ලක් කර ඒ වෙනුවෙන් මුදල් ත්‍යාග පිරිනැමීමේ උත්සවයක් රත්නපුර දිසා භාර නියෝජ්‍ය පොලිස්පති පද්මසිරි මුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 2018 දෙසැම්බර් 27 වන දින බලංගොඩ ඩයමන්ඩ් උත්සව ශාලාවේදී පවත්වන ලදී.