covid ops

71 වන ජාතික දින උත්සවයට ශ්‍රී ලංකා පොලීසිය ද අභිමානයෙන් එක් වේ.“එකට සිටිමු” යන පාඨය තේමා කර ගනිමින් පැවති 71 වන ජාතික දින සැමරුම් උත්සවය 2019 පෙබරවාරි 04 දින අති උත්කර්ෂවත් ලෙස කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්විණි. 

මන්නාරම පොලිස් අපරාධ ස්ථාන පරික්‍ෂණාගාර (SOCO) නව ගොඩනැඟිල්ල විවෘත කෙරේ.43 වන අපරාධ ස්ථාන පරික්‍ෂණාගාර (SOCO) නව ගොඩනැඟිල්ල මන්නාරම කොට්ඨාසයේ උයිලන්කුලම් පොලිස් මුරපොල පිහිටි භූමි පරිශ්‍රයේ දී උතුරු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතාගේ සුරතින් 2019 ජනවාරි 31 වන දින පස්වරු 4.30 ට යෙදුණු සුභ මොහොතින් විවෘත කරන ලදි.

කේරළ ගංජා කිලෝ 41 ග්‍රැම් 530 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට. 2019.01.30 වන දින සවස 4.20 - 7.40 ට පමණ යාපනය පොලිස් වසමේ මානිප්පායි පාර, මොහිදින් ජුම්මා පල්ලිය අසල ප්‍රදේශයේදී කොළඹ මත්ද්‍රව්‍ය නාශය කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර යතුරු පැදියකින් හෙරොයින් කිලෝ 41 ග්‍රැම් 530 ක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු හා හොරොයින් ප්‍රවාහනය කිරීමට හා ජාවාරමට ආධාර අනුබල දුන් තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි අඹුසැමි යුවලක් අත්අඩංගුවට.ත්‍රස්ත විමර්ශන දිසාවේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත 2019.01.30 වන දින පස්වරුවේදී කිරිබත්ගොඩ ඊරියවැටිය පාර ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ හොරොයින් ග්‍රෑම් 100 ක් අත්අඩංගුවට ගන්නා ලදී.

මත්ද්‍රව්‍ය මර්දනයේදී විශේෂ දක්‍ෂතා දැක්වූ පොලිස් නිලධරයන් හට ජනාධිපති සම්මාන පිරිනැමේ.අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ “මතින් නිදහස් රටක්” සංකල්පය සාර්ථක කර ගැනීම සඳහා දිවි හිමියෙන් කැපවූ සහ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමේදී විශේෂ දක්ෂතා දැක්වූ පොලිස් නිලධරයන් ඇගයීමට ලක් කර එම නිලධරයන් හට “ජනපති ප්‍රශංසා” සම්මාන පිරිනැමීමේ උත්සවය අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2019 ජනවාරි 28 වන දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පවත්වන ලදී.

වැල්වැටිතුරය පොලීසියෙන් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට..2019.01.26 වන දින සවස 3.00 ට පමණ වැල්වැටිතුරය පොලිස් වසමේ කුච්චන්ලේන් ප්‍රදේශයේදී වැල්වැටිතුරය පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර ප්‍රවාහනය කිරීම සඳහා සූදානම් කර තිබූ කේරළ ගංජා කිලෝ 110 කට ආසන්න ප්‍රමාණයක් හා ලොරි රථයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

තංගල්ල කොට්ඨාසයේ කිරින්ද නව පොලිස් ස්ථානය විවෘත කිරීම පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ සුරතින් 2019 ජනවාරි 25 දින සිදු කරන ලදී.

හෝටල් සහ ආපනශාලා තුළ දුම්පානය කිරීම වැළැක්වීම සම්බන්ධ දැනුවත් කිරීමේ ව්‍යාපෘතියක්.. පොලිස් මහජන සම්බන්ධතා කොට්ඨාසය, වැල්ලවත්ත පොලීසිය හා මත්පැන් හා මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු දැනුවත් කිරීමේ ආයතනය (ADIC) හා එක්ව හෝටල් සහ ආපනශාලා තුළ දුම්පානය කිරීම වැළැක්වීම සම්බන්ධව වෙළෙඳසැල් හිමියන් දැනුවත් කිරීමේ ව්‍යාපෘතියක් 2019 ජනවාරි 24 දින වැල්ලවත්ත පොලිස් වසමේදී දියත් කරන ලදී.

“මතට එරෙහිව පාසැලෙන් ජවයක්” පාසල් මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන සඳහා ශ්‍රී ලංකා පොලීසියේ දායකත්වය.ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතිය පසුගියදා (ජනවාරි 21) අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මුලතිව් මුල්ලයාවේලි විද්‍යානන්දන් මහා විද්‍යාලයේදී ආරම්භ විය. එසේ ආරම්භ වූ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන සඳහා ශ්‍රී ලංකා පොලීසිය ද සෘජුවම දායකත්වය දක්වන අතර එයට සමගාමීව ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සංවිධානය කල වැඩසටහනක් ඊයේ (2019 ජනවාරි 23) දින පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාගේ සහභාගීත්වයෙන්...

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444