හලාවත කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශයට අනුයුක්තව රාජකාරි කරනු ලබන පොලිස් සැරයන් 31731 ජේ.කේ. අජිත් රංජන් පෙරේරා මහතා විසින් රචිත කෘති පෙළක් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙත පිරිනැමීම 2018 ඔක්තෝම්බර් 09 වන අද දින පස්වරු 3.20 ට යෙදුණු සුබ මොහොතින් පොලිස්පති නිල මැදිරියේදී සිදු කරන ලදි.
පොලිස්පතිතුමාගේ උදාර සංකල්පයක් අනුව ක්‍රියාත්මක වන ජංගම පොලිස් සේවය කන්තලේ කොට්ඨාසයේ සේරුනුවර පොලිස් වසමේ කාවන්තිස්සපුර ග්‍රාමසේවා වසම ඇතුළු ග්‍රාමසේවා වසම් 04 ක් ආවරණය වන පරිදි ප්‍රජා සත්කාර වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇත.
පැය 24 පුරා දිවා රෑ නොබලා මහජනයාගේ ජීවිත හා දේපල ආරක්ෂා කරමින් තම ජීවිතය පරදුවට තබා රාජකාරි කරන ගම්පහ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන්ගේ අපරිමිත සේවය අගයමින් ඔවුනට 2018 දෙවන කාර්තුවේ ත්‍යාග මුදල් පිරිනැමීමේ උත්සවය බස්නාහිර උතුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති, දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (04) දා ගණේමුල්ල රොන්ෆා උත්සව ශාලාවේදී පවත්වන ලදී.
2018 ඔක්තෝබර් 01 වන දිනට යෙදී තිබූ ලෝක ළමා දිනයට සමගාමීව පොලිස් මහජන සම්බන්ධතා කොට්ඨාසය මගින් සංවිධානය කල ළමා දින සැමරුම් වැඩසටහනක් කොළඹ 02හි පිහිටි පොලිස් දරු පෙර පාසල් පරිශ්‍රයේදී පැවත්විණි.
2018 ලෝක ළමා දිනයට සමගාමීව පවත්වන ලද සැමරුම් උත්සවයක් පසුගියදා (2018 සැප්තැම්බර් 30) ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
බොරලැස්ගමුව පොලිස් වසමේ වික්‍රමරත්න මාවත අසළදී සිදු වූ රිය අනතුරක් හේතුවෙන් මිය ගිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට අනුයුක්තව රාජකාරී කළ පොලිස් පරීක්ෂක ගමගේ අජන්ත ගාමිණි නිලධාරියාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා 2018.10.01 වන දින බොරලැස්ගමුවේ පිහිටි නිවස වෙත යන ලදී.
ඔක්තෝබර් 01 වන දිනට යෙදී තිබූ ලෝක ළමා දිනයට සමගාමීව පවත්වනු ලැබූ ළමා දින සැමරුම් වැඩසටහනක් ඊයේ (ඔක්තෝබර් 01) දින ගම්පහ හෙනරත්ගොඩ උද්භිත උද්‍යානය කේන්ද්‍ර කර ගනිමින් පවත්වන ලදී.