වර්තමාන සමාජය තුළ සිදුවන අපරාධ, නීති විරෝධී ක්‍රියා, මත්ද්‍රව්‍ය උවදුර හා ළමා අපචාර ක්‍රියා වළක්වා ගැනීම පිළිබඳ ළමා පරපුර දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ උපදෙස් පරිදි පොලිස් මහජන සම්බන්ධතා කොට්ඨාසය විසින් ආරම්භ කර ඇත.
අපරාධ, සංවිධානාත්මක අපරාධ නිවාරණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිගේ උපදෙස් පරිදි පොලිස් කොට්ඨාස 44 ක් සහ ක්‍රියාකාරී කොට්ඨාස වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ අපරාධ කොට්ඨාසය, සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය, රාජ්‍ය බුද්ධි සේවය සහ කළුතර පොලිස් විද්‍යාලය යන කොට්ඨාස වලට අනුයුක්ත නිලධාරීන් 150 දෙනෙකුට ආසන්න ප්‍රමාණයකට මුදල් විශුද්ධිකරණය, ඊෂි කෑෂ්, ජී.පී.එස්. තාක්ෂණය සහ දුරකතන විශ්ලේෂණ වාර්තා පිළිබඳ එක්දින පුහුණු වැඩමුළුවක් පසුගියදා (2020 සැප්තැම්බර් 21) අපරාධ වාර්තා කොට්ඨාස ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ අපරාධ වාර්ථා කොට්ඨාසයේ පොලිස් නිලධරයන් විසින් සිදු කළ විශිෂ්ඨ රාජකාරී ඇගයීමට ලක් කරමින් ත්‍යාග ප්රදානය කිරීමේ උත්සවයක් වැඩබලන පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 2020.09.19 වන දින අපරාධ වාර්තා කොට්ඨාස ශ්‍රවණාගාරයේදී පැවත්විණි.
2020 සැප්තැම්බර් මස 25 වන දින පෙරවරු 08.30 ට සුහුරුපාය, 14 වන මහලෙහි පිහිටි අභ්‍යන්තර ආරක්ෂක අංශයේ කාර්යාල පරිශ්‍රයේදී, පොලිස් මහජන දිනය ගරු අභ්‍යන්තර ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමණාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. ඒ සඳහා වැඩබලන පොලිස්පති, අමාත්‍යංශ මාණ්ඩලික නිලධාරීන් සහ කොට්ඨාශ භාර පොලිස් නිලධාරීන් සහභාගී වේ.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි සේවයේ අවශ්‍යතාවය මත සහකාර පොලිස් අධිකාරි තනතුරේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුර දක්වා වහාම ක්‍රියාත්මක කරන ලද ස්ථාන මාරුවීම් ලේඛණය.