covid opsstf 37

IGP addresses the 23rd International Astronomy OlympiadThe 23rd International Astronomy Olympiad which was commenced on 06.10.2018 was held until 14.10.2018. The closing ceremony was held under the leadership of the Inspector General of Police, Mr. Pujith Jayasundara on 13, October 2018 at Hotel Pegasus Reef, Wattala.

පොලිස් පවුල් සුභ සාධක සංගමයෙන් චෙක්පත් ප්‍රදානය කිරීමක්.ශ්‍රී ලංකා පොලිසියේ රාජකාරි නියුතු පොලිස් නිලධාරීන් පිරිසකට හා මියගිය පොලිස් නිලධාරීන්ගේ යැපෙන්නන් සඳහා පොලිස් පවුල් සුභ සාධක සංගමය විසින් සංවිධානය කරන ලද මුදල් චෙක්පත් ප්‍රදානය කිරීමේ උත්සවයක් 2018 ඔක්තෝබර් මස 15 වන දින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ සහ එම සංගමයේ සභාපතිනිය වන පුන්‍යා ශාන්ති ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් පොලිස් පවුල් සුභ සාධක සංගම් උත්සව ශාලාවේදී පවත්වන ලදී.

පොලිස්පතිතුමන්ගෙන් ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත සුභ සාධක සංගමයට ධන පරිත්‍යාගයක්..සමාජසේවා අමාත්‍යංශයේ ස්වේච්ඡා සංවිධානයක් වන ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත සුභ සාධක සංගමය විසින් වාර්ෂිකව පවත්වනු ලබන ජාත්‍යන්තර සුදු සැරයටි සැමරුම් උලෙළ 2018 ඔක්තෝම්බර් 24 වන දින පැවැත්වීමට නියමිතව ඇත. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත සුභ සාධක සංගමයට රුපියල් ලක්‍ෂයක චෙක්පතක් පරිත්‍යාග කිරීම,

මුලතිව් කොට්ඨාසයේ පොලිස් නිලධාරින්ගේ අපරිමිත සේවයට ත්‍යාග ප්‍රදානෝත්සවයක්..පැය 24 පුරා දිවා රෑ නොබලා මහජනයාගේ ජීවිත හා දේපල ආරක්‍ෂා කරමින් තම ජීවිතය පරදුවට තබා රාජකාරි කරන මුලතිව් කොට්ඨාසයේ පොලිස් නිලධාරින්ගේ අපරිමිත සේවය අගයමින් ත්‍යාග මුදල් පිරිනැමීමේ උත්සවයක් කිලිනොච්චි / මුලතිව් දිසා භාර නියෝජ්‍ය පොලිස්පති, මහින්ද ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 2018 ඔක්තෝම්බර් 14 වන දින ඔඩ්ඩුසුඩාන් පොලිස් ස්ථාන ශ්‍රවනාගාරයේදී, පවත්වන ලදී.

ප්‍රථම වරට ශ්‍රී ලංකා පොලිස් කාන්තා රගර් සංචිතයක්.වසර 152 ක පොලිස් ඉතිහාසයේ ප්‍රථම වරට පොලිස් කාන්තා රගර් සංචිතයක් පිහිටුවීම ගරු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් හා මඟපෙන්විම යටතේ පොලිස් රගර් සංගමයේ සභාපති වන අපරාධ, සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍යනාශක සහ විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාගේ ප්‍රධානත්වයෙන් 2018 ඔක්තෝම්බර් 12 වන දින පොලිස් ක්‍ෂේත්‍ර බලකා මූලස්ථානයේදී සිදුවිය.

දුක්ගැනවිලි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජනක ගුණතිලක මහතාගේ සේවය ඇගයේ.2018 ඔක්තෝම්බර් 19 වන දින විශ්‍රාම යාමට නියමිත දුක්ගැනවිලි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජනක ගුණතිලක මහතා හට උපහාර පිදීමේ උත්සවයක් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් 2018 ඔක්තෝම්බර් 11 වන දින පස්වරුවේ පොලිස් මූලස්ථාන පොලිස්පති සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

පොලිස් සැරයන්වරයෙකු විසින් රචිත කෘති පෙළක් පොලිස්පතිතුමා වෙත පිළිගන්වයි.හලාවත කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශයට අනුයුක්තව රාජකාරි කරනු ලබන පොලිස් සැරයන් 31731 ජේ.කේ. අජිත් රංජන් පෙරේරා මහතා විසින් රචිත කෘති පෙළක් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙත පිරිනැමීම 2018 ඔක්තෝම්බර් 09 වන අද දින පස්වරු 3.20 ට යෙදුණු සුබ මොහොතින් පොලිස්පති නිල මැදිරියේදී සිදු කරන ලදි.

“හතලිස් පහ” ග්‍රන්ථය පොලිස්පතිතුමන්ට පිළිගැන්වේ.පොලිස්පතිතුමාගේ උදාර සංකල්පයක් අනුව ක්‍රියාත්මක වන ජංගම පොලිස් සේවය කන්තලේ කොට්ඨාසයේ සේරුනුවර පොලිස් වසමේ කාවන්තිස්සපුර ග්‍රාමසේවා වසම ඇතුළු ග්‍රාමසේවා වසම් 04 ක් ආවරණය වන පරිදි ප්‍රජා සත්කාර වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇත.

ගම්පහ කොට්ඨාසයේ පොලිස් නිලධාරින්ගේ සේවය ඇගයේ..පැය 24 පුරා දිවා රෑ නොබලා මහජනයාගේ ජීවිත හා දේපල ආරක්‍ෂා කරමින් තම ජීවිතය පරදුවට තබා රාජකාරි කරන ගම්පහ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන්ගේ අපරිමිත සේවය අගයමින් ඔවුනට 2018 දෙවන කාර්තුවේ ත්‍යාග මුදල් පිරිනැමීමේ උත්සවය බස්නාහිර උතුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති, දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (04) දා ගණේමුල්ල රොන්ෆා උත්සව ශාලාවේදී පවත්වන ලදී.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444